Connect with us

පුවත්

වත්මන් රජය ගත් ණය ගැන වෙරිටේ රිසර්ච් මතය

Published

on

පශ්චාත් ජනපතිවරණ සමයේ ආණ්ඩුවේ ණය ගැනීම් සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් තිබුණත්, සැබැවින්ම වත්මන් ආණ්ඩුව ගෙන ඇත්තේ පසුගිය ඔක්තෝබර් සිට මෙම මස අවසානය දක්වා ගැනීමට හැකියාව තිබෙන සමස්ථ ණය ප්‍රමාණයට වඩා අඩු ණය ප්‍රමාණයක් බව වත්මන් ආණ්ඩුවේ ණය ගැනීම් සම්බන්ධයෙන් කළ තොරතුරු පිරික්සීමේදී අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කලේය.

වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේ, ආණ්ඩුව අධික ලෙස ණය ගනිමින් සිටින බව ඇතැමුන් තර්ක කරන බවත් එයට පිළිතුරු දෙන තවත් පාර්ශ්ව ආණ්ඩුවේ ණය ගැනීම පිළිගත හැකි මට්ටමක පවතින බව ප්‍රකාශ කරන බවය.

මේ අතරතුර වත්මන් ආණ්ඩුව ගනිමින් සිටින ණය වැඩියෙන් යොදවෙන්නේ අයවැය පරතරය පියවාගැනීමට ද, නැතිනම් ගත් ණය නැවත ගෙවීමට ද යන්න පිළිබඳව මත ගැටුමක්ද නිර්මාණය වී තිබෙන බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කර තිබේ.

ප්‍රාථමික හිඟය ආවරණය කරගැනීමට, ගෙවිය යුතු ණය පොලී ගෙවීමට සහ කල්පිරෙන ණයවල මුල් මුදල පියැවීමට මූලික වශයෙන් ආණ්ඩුවක් ණය ලබා ගන්නා බවත් වාර්ෂිකව ඉටුකළ යුතු මෙම බැඳීම් 3හි අගය එකතු කළ විට වසරක් පාසා ආණ්ඩුවකට ගැනීමට සිදු වන මුළු ණය ප්‍රමාණය ලැබෙන බවත් එම ආයතනය පැවසීය.

2024 අයවැය ඇස්තමේන්තුවට අනුව දළ මුල්‍යන අවශ්‍යතාවය සඳහා මෙරට ආණ්ඩුව මෙම වසරේදී ගැනීමට බලාපොරොත්තු වූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,670 ක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

එහෙත්, මුදල් අමාත්‍යාංශයේ දත්තවලට අනුව පසුගිය ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළදී පසුගිය ආණ්ඩුව සැබවින්ම ගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,903 ක් බවද වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය.

ඒ අනුව, වත්මන් ආණ්ඩුවට පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මෙම මස අවසානය දක්වා කාලය සඳහා රුපියල් බිලියන 1,766 ක මුදලක් ණයට ගැනීමට හැකියාව තිබෙන බවත්, පවතින දත්ත අනුසාරයෙන් එම කාල සීමාව සඳහා වත්මන් ආණ්ඩුවේ ණය ගැනීමේ ඇස්තමේන්තුව නැවත විමසා බැලූ විට මෙම කාලසීමාව සඳහා ගත යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,612 ක් බව අනාවරණය වූ බවත්, වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කලේය.

එය ඉහත සඳහන් කළ රුපියල් බිලියන 1,766 ට වඩා අඩු මුදලක් වනවා සේම අයවැයෙන් පනවා ඇති සීමාව ඇතුළත පවතින්නක් බවද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසීය.

අනතුරුව ආණ්ඩුවේ සමස්ථ ණය ප්‍රමාණය ඉහළ යනු ඇතැයි අපේක්ෂිත සීමාව ගණනය කිරීම සඳහා දළ මුල්‍යන අවශ්‍යතාවයට පනවා ඇති සීමාවෙන් අපේක්ෂිත ණය ගෙවීම් අඩු කිරීමට පළමුවෙන් කටයුතු කළ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කලේය.

ආණ්ඩුව මුදල් ණයට ගෙන ඇත්තේ කල්පිරෙන ණය පියැවීමට නම් සමස්ථ ණය ප්‍රමාණයේ ඉහළ යාමක් සිදු නොවන බවත් අයවැය පරතරය පියැවීමට ආණ්ඩුව ණය ගන්නේ නම්, ඉන් සමස්ථ ණය ප්‍රමාණය ඉහළ යන බවත් එම ආයතනය පැවැසීය.

ඒ අනුව, මෙරට ආණ්ඩුව මත පැටවී තිබෙන සමස්ත ණය ප්‍රමාණය වැඩිවිය හැකි සීමාව 2024 අයවැයට අනුව, රුපියල් බිලියන 2,401 ක් බවත්, පසුගිය ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ රුපියල් බිලියන 956 කින් මෙරට ආණ්ඩුවේ සමස්ථ ණය ප්‍රමාණය වැඩිවී ඇති බවත්, වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කලේය.

සමස්ථ ණය වැඩිවිය හැකි සීමාව සැලකිල්ලට ගත් විට ඔක්තෝබර් සිට මෙම මස අවසානය දක්වා කාලය තුළදී තවත් රුපියල් බිලියන 1,445 ක ණය ගැනීමේ අවකාශයක් ආණ්ඩුවට තිබෙන බව සදහන් වේ.

අයවැය පරතරය පියවාගැනීමට අවශ්‍ය වන මුදල දේශීය සහ විදේශීය ණය ඇසුරින් සපුරා ගැනීමට යන්නේ කෙසේදැයි යන්න අයවැයේ පැහැදිලිව දක්වා ඇති අතර එම පදනමේ සිට ඉහත දැක්වූ රුපියල් බිලියන 1,445ක ණය අවකාශය ගත් විට, දේශීය මට්ටමින් ලබා ගන්නා රුපියල් බිලියන 1,030 ක ණයවලින් සහ විදේශීය මට්ටමින් ලබා ගන්නා රුපියල් බිලියන 415 ක ණයවලින් එය පියවා ගැනීමට වත්මන් ආණ්ඩුවට හැකියාව තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කලේය.

පසුගියදා ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා ගෙවුණු කාලය අතරතුර සමස්ථ දේශීය ණය ඉහළ ගොස් ඇත්තේ රුපියල් බිලියන 371 කින් පමණක් බවත් මෙම මස අවසානය දක්වා දේශීය මට්ටමින් ගන්නා ණයවලට අයවැයෙන් පනවා ඇති සීමාව සැලකිල්ලට ගත්විට (රුපියල් බිලියන 1030), දෙසැම්බර් මාසයේදී තවත් රුපියල් බිලියන 659 ක ණය ගැනීමේ හැකියාවක් වත්මන් ආණ්ඩුවට ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසීය.

එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙම වසරේදී ආණ්ඩුව දේශීය මට්ටමින් ලබා ගන්නා සමස්ත ණය මුදල පැහැදිලිවම අයවැයෙන් දක්වා ඇති සීමාව ඇතුළත පවතින බව ඉන් අදහස් වන බවය.

පුවත්

විශේෂ පාර්ලිමේන්තු දිනයක් පැවැත්වීමේ තීරණයක්

Published

on

By

ජූනි 30 විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙසේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ජූනි 30වනදා පෙ.ව. 9.30ට කැඳවීමට නියමිතව ඇත. 

මීට අදාළව ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ විවාදය එදින ප.ව 4.30 දක්වා පැවැත්වීමටත් මෙහි දී තීරණය වී තිබේ.

Continue Reading

පුවත්

නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සමුදෙයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද (20)  සිට බල පැවැත්වෙන පරිදි අදාළ ඉල්ලා අස්වීම ක්‍රියාත්මක බව නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස වත්මන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් භාර ගෙන ඇති අතර පාර්ලිමේන්තු මන්තී ධුරයක පුරප්පාඩුවක් පවතින බව මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමට පියවර ගෙන තිබේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරනුයේ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යංශ ලේකම් වශයෙන් පත්වනු ඇති බවය.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ මහින්ද සිරිවර්ධන මහතා මෙම මස අග සිට එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

Continue Reading

පුවත්

දක්ෂිණ අධිවේගයේ Rest Area එක අවුරුදු 99කට බදු දීලා තියෙන්නේ රුපියල් 10,000 කට

Published

on

By

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී රුපියල් බිලියන ගණනාවක මුදල් නාස්ති කර ඇතිබව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදි පැවසීය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුල් ආකෘතියේ නැති අන්තර් හුවමාරු දෙකක් කපුදූවේ සහ බැදිගම යන ප්‍රදේශවල ඉදිකර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

මෙවැනි එක් අන්තර් හුවමාරුවක් ඉදිකිරීමට කෝටි 100ක් වැනි මුදලක් වැයවන බවද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

“මේ අන්තර් හුවමාරු තමන්ගේ ගෙවල්වලට යන්න හදාගෙන තිබෙනවා ….දක්ෂිණ අධිවේගී මාර්ගයේ තිබෙන්නේ එකම එක Rest Area එකයි. එම Rest Area එක අවුරුදු 99කට, රුපියල් 10,000කට බදු අරන් තිබෙන්නේ.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved