Connect with us

පුවත්

වතුකම්කරුවන් පන්දහසකගේ කෝටි 100ක් EPF සල්ලි ග්‍රාමීය බැංකු පිල්ලිගහලා!

Published

on

තලවකැලේ ප්‍රදේශයේ ග්‍රාමීය බැංකු 11 ක් විසින්, සේවක අර්ථසාධක අරමුදලින් ලබාදෙන, 30% පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර, වතු කම්කරුවන් 5000 කට වැඩි පිරිසකගෙන්, රුපියල් කෝටි 100 කට අධික මුදලක්, වංචා කර ඇති බව, වතු කම්කරු මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්, මාක්ස් ප්‍රභාකර් පවසයි.

ඒ බව ඔවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, තලවකැලේ සමුපකාර බල ප්‍රදේශයේ හා ඊට පරිබාහිර වතු කම්කරුවන්, තැරැව්කරුවන් මගින් ගෙන්වා ගන්නා, ග්‍රාමීය බැංකු නිලධාරින්, ඔවුන්ට බැංකු ගිණුමක් ආරම්භ කර, සුළු ණය මුදලක් නිකුත් කර ඇති බවය.

පසුව සේවක අර්ථසාධක අරමුදලේ 30% පූර්ව ප්‍රතිලාභ මුදල ලබාගැනීම සඳහා, පෙර දිනයක් යොදා, සමුපකාර සමිතිය විසින් සේවක අර්ථසාධක අරමුදලට ව්‍යාජව සකස් කළ ලිපියක් මඟින්, අදාළ පුද්ගලයා 30% ප්‍රතිලාභයට සමාන ණය මුදලක් ලබාගෙන ඇති බැවින්, එය පියවීම සඳහා අදාළ ප්‍රතිලාභය තම ගිණුමට බැර කරන ලෙස දන්වා යවා ඇති බවයි.

සේවක අර්ථසාධක අරමුදල විසින් එම මුදල බැංකුවට චෙක්පතකින් එවීමෙන් අනතුරුව, සම්පූර්ණ ප්‍රතිලාභයටම අදාළව විශාල පොලියක් අයකර, ඔහුට ලබාදී ඇති සුළු ණය මුදලට අදාළ පොලිය පමණක් බැංකු ගිණුමට බැර කර, ඉතිරි පොලී මුදල් බැංකු බලධාරීන් බෙදා ගෙන ඇති බව, වතු කම්කරුවන් විසින් වතු කම්කරු මධ්‍යස්ථානය වෙත පැමිණිලි කර ඇති බවත් ඔහු පවසයි.

එසේම මෙම ගණුදෙනුවට අදාළ ගිණුම් විස්තර, අයකරගත් පොලී මුදල සඳහන් බැංකු පාස් පොතක්, වෙනත් කුවිතාන්සියක් හෝ ලිපිලේඛණ කිසිවක් වතු කම්කරුවන්ට ලබාදී නොමැති බවත්, මෙම වංචාව සිදුකොට ඇත්තේ තලවකැලේ නව සමුපකාර සමිතියේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ පූර්ණ එකඟතාවය හා මඟපෙන්වීම මත බව පෙනියන බැවින්, රාජ්‍ය මුදල් විශාල ලෙස වංචා කිරීම සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් සිදුකරන ලෙසට, ඉකුත් 07 දා තම සංවිධානය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.

පුවත්

Company 65ක් හැමදාම වරායෙන් බඩු පන්නවා.ආණ්ඩුවත් හොරුන්ව රකිනවා (වීඩියෝ)

Published

on

By

රේගුව හරහා පරීක්ෂා නොකර බහාලුම් පිට කිරීමට අදාළව නිකුත් වූ ජනාධිපති විමර්ශන කමිටු වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම සහ මෙම වංචාවට සම්බන්ධ සමාගම් හිමියන්ගේ නම් හෙළිදරව් නොකර සිටීමට රජය ගන්නා උත්සාහය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් විශේෂ අනාවරණයක් සිදුකරන ලදී.

ඊයේ (06) දින එම පක්ෂය විසින් සංවිධානය කර තිබූ විශේෂ මාධ්‍ය හමුවේදී අදාළ තොරතුරු පිළිබඳ අනාවරණය විය.

එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා, 

2025 07 06 දින පැවති මාධ්‍යය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා දැක්වූ අදහස් #flsplanka #PeoplesPower #viralvideoシ

Posted by Front Line Socialist Party on Sunday, July 6, 2025

Continue Reading

පුවත්

එස්.එම්. චන්ද්‍රසේ­නට පිටින් කෑම ගේන්න අවසර නැහැ

Published

on

By

රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාට පිට­තින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව විසින් ප්‍රති­ක්ෂේප කර තිබේ.

රක්ෂිත බන්ධ­නා­ගාරගත කළ රැඳ­වූ­ව­කුට පිට­තින් ආහාර ගෙන ඒමට ඉල්ලී­මක් කළ යුත්තේ එම රැඳ­වූ­වාගේ පවුලේ සාමා­ජි­ක­යකු වුවද මෙම ඉල්ලීම කර තිබුණේ එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාගේ හිටපු ලේක­ම්ව­ර­යකු විසිනි.

ඔහු පවුලේ සමී­ප­ත­ම­යකු නොවන නිසා එම ඉල්ලීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්­තුව විසින් ප්‍රති­ක්ෂේප කර තිබේ.

මේ අතර  බන්ධ­නා­ගාර වෛද්‍ය­වරු සිදු කළ පරි­ක්ෂා­වේදී ඔහු යහ­පත් සෞඛ්‍ය තත්ත්ව­යෙන් පසුවූ බවට ද අනා­ව­ර­ණය වී තිබේ.

මේ හේතුවෙන් ඊයේ (06) දිනයේ ද හිටපු අමාත්‍යවරයා  බන්ධ­නා­ගා­ර­යෙන් ලබා­දෙන ආහාර කෑමට ගෙන ඇතැයි බන්ධ­නා­ගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading

පුවත්

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට

Published

on

By

ජයවර්ධනපුර රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින, වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගියදා අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved