Connect with us

පුවත්

වතු කම්කරුවන්ගේ අවම වැටුප ගැන තීන්දුව 31ට පෙර කියන්න – ජනපති

Published

on

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි  කිරීමට අදාළව සාමූහික ගිවිසුමකට එළැඹෙන ලෙසත්, වතු කම්කරුවන් ඉල්ලා සිටින අවම දෛනික වැටුප වන රුපියල් 1700ක මුදල ලබා දීම හෝ වැඩි කරන වැටුප් ප්‍රමාණය පිළිබඳව මෙම දෙසැම්බර් මස 31 වනදාට පෙර දැනුම් දෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැවිලි සමාගම් ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ වැවිලි සමාගම් ප්‍රධානීන් සමග අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

මෙවර අයවැයෙන් යෝජනා කරන ලද කෘෂිකාර්මික නවීකරණ වැඩපිළිවෙලට අනුව  ප්‍රාදේශීය වැවිලි සමාගම් ඔවුන්ගේ වැඩපිළිවෙළ සකස් කරගන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

වතු කම්කරු ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

එම ඉදිරි කටයුතු සඳහා කමිටු  පත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ අතර වතු කම්කරු ජනතාවගේ නිවාස අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කිරීමට එක් කමිටුවක් පත් කිරීමටත්, වතු  කම්කරුවන් සහ වැවිලි සමාගම් නියෝජනය කරමින් තවත් කමිටුව පත් කිරීමටත් මෙහිදී යෝජනා විය.

රටේ ආර්ථික දියුණුව ඇති කිරීමේ දී අපනයන ආර්ථිකයක් කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බව මෙහිදී සදහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බවද කියා සිටියේය.

ඉදිරියේදී ආසියාතික රටවල ජනගහනය සීග්‍ර ලෙස ඉහළ යනු ඇති බවත් ඒ සමඟ වැඩිවන ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් මෙරට අපනයන ආර්ථිකය සූදානම් කළ යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විදේශ රැකියා ප්‍රවර්ධන හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර, මුදල් රාජ්‍ය අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය, ජනාධිපති  ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග යන මහත්වරු සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved