Connect with us

පුවත්

වයඹට යාපා, උතුරට චාල්ස් හා නැගනෙහිරට තොණ්ඩා අද දිවුරයි

Published

on

උතුර සහ නැගෙනහිර සහ වයඹ  පළාත් වල නව ආණ්ඩුකාරවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (17) පෙරවරුවේ දිවුරුම් දෙති.

වයඹ පළාත්  ආණ්ඩුකාර ලෙස හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකා පී.එස්.එම් චාල්ස්, නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමාන් මහත්ම මහත්මීන්ගේ නම් යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අමතරව හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ සහ නවීන් දිසානායක මහත්වරුන්ගේ නම් ද ආණ්ඩුකාර තනතුරු සඳහා යෝජනා වී ඇති බව දැනගන්නට ඇත.

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් වල ආණ්ඩුකාරවරුන් ඉකුත් 15 දා සිට බලපැවැත්වෙන පරිදි  ඉවත්කළ බව ජනාධිපති කාර්යාලය අද 16 වැනිදා නිවේදනය කළේය.

උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස ජීවන් ත්‍යාගරාජා,නැගෙනහිර ආණ්ඩුකාර ලෙස අනුරාධා යහම්පත් සහ වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස  වසන්ත කරන්නාගොඩ මහත්ම මහත්මීහු  කටයුතු කළහ.

සබැදි පුවත්

ආණ්ඩුකාරවරුන්ට ජනපති යන්න කියයි

පළාත් තුනක ආණ්ඩුකාරවරුන්ට ගෙදර යන්න කියලා!

මධුර හා සනත්ලාගේ කුණු කේස් ආණ්ඩුකාරවරු ගෙදර යවයි?

ආණ්ඩුකාරයෝ 4කට මාරුවීම් !

පුවත්

හෙලිකොප්ටර්  අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළට (UPDATE)

Published

on

By

බෙල් 212 හෙලිකොප්ටර්  අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.11.26 )

බෙල් 212 අනතුරෙන් හමුදාවේ 5ක් මරුට

අද (09) උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණි.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

මාදුරුඔය පීරා බෙල් 212 සොයන මෙහෙයුම… #Accident1st #bell212 #Helicopter #crashe #MaduruOya

Posted by Accident 1st on Thursday, May 8, 2025

(වීඩියෝ :Accident 1st)


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.10.10 )

හෙලිකොප්ටරයේ සිටි 12දෙනා බේරාගනී

මාදුරුඔය ජලාශයට කඩා වැටුණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ ගමන්කල සියලු දෙනා බේරාගෙන තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සිට මාඳුරු ඔය ප්‍රදේශයේ සංදර්ශනයකට  පියසාර කරමින් සිටියදී එය කඩා වැටී ඇති බවය.

එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබූ අතර ඔවුන් සියලුදෙනාම බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය. 


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.9.12 )

හෙලිකොප්ටර් යානයක් කඩා වැටේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩාවැටී ඇති බව වාර්තා වේ.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියක් අතරතුර ගුවන් ගත වූ යානයක් මෙසේ කඩා වැටී ඇත.

එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.

Continue Reading

පුවත්

කොළඹ වරායේ ප්‍රති නැව්ගත කිරීම් ඉහළට

Published

on

By

ඉන්දු පාකිස්ථාන යුධ තත්වය හේතුවෙන් කොළඹ වරාය කාර්යබහුල වී තිබේ.

වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ , ඒ සඳහා උපරිම කාර්යක්ෂමතායෙන් යුතුව මුහුණ දීමට පියවර ගෙන ඇති බවය.

යුධමය වාතාවරණයත් සමග ඉන්දීය නෞකා පකිස්ථානය වෙත යාමත් පාකිස්ථාන නෞකාව ඉන්දියාව වෙත යාමත් අත්හිටුවා තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඒ සමගම ප්‍රති නැව්ගත කිරීම් ඉහළ ගොස් ඇති බවයි.

Continue Reading

පුවත්

දීර්ඝ සතිඅන්තය සහ වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

Published

on

By

සතිඅන්ත දීර්ඝ නිවාඩුව සහ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඔ කොටුව සහ බදුල්ල අතර මෙන්ම කොළඔ කොටුව සහ කන්කසන්තුරේ අතර මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමෙන්තුව සඳහන් කළේය.

ඒ අනුව අද සිට ලබන 13වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක වෙයි.

වැඩි විස්තර පහතින්,

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved