Connect with us

පුවත්

වරායේ හිරවුණ වාහන නිදහස් කරගන්න අලුත් ගැසට් එකක් ගහලා!

Published

on

වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අප්‍රේල් මස 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් ය.

ඒ අනුව ආනයනය කර නිෂ්කාශනය කිරීමට නොහැකිවී වරායේ තිබූ මෝටර් රථ වර්ග කිහිපයක් නිදහස් කර ගැනීමට හැකිවනු ඇත.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාත් මානගේ මහතා,

“දැනට මාස එකහමාරක් දෙකක් තිස්සේ මේ වාහන අපිට නිෂ්කාශනය කරගැනීමට බැරුව තිබුණා. Hybrid Toyota Raize සහ Hybrid Nissan X-TRAIL රථ අලුත් ගැසට් එක නිසා දැන් නිෂ්කාශනය කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේ මේ තාක්ෂණය යටතේ එන අනෙකුත් වාහනත් නිෂ්කාශනය කරගැනීමේ අවස්ථාව ලැබී තිබෙනවා.”

මේ අතර ලියාපදිංචි නොකළ නව යතුරුපැදි ආනයනය සඳහා පනවා තිබූ තහනමද ඉවත්කර තිබේ.

ඒ අනුව ආනයන බලපත්‍ර ලබාගෙන නව යතුරුපැදි ආනයනය කිරීමට ආදාළව ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බව සඳහන් ය.

පුවත්

ලුණු ආනයනයට ගැසට් පත්‍රයක්

Published

on

By

ලුණු ආනයනය කිරිම සදහා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සඳහන් කළේ, ලබන මස 10 වැනිදා දක්වා ලුණු ආනයනය කිරිමට හැකි වන ලෙස ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවය.

ඒ අනුව ලුණු ආනයනය කිරිම සදහා බලපත්‍රයක් අවශ්‍ය වන්නේ නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඇති ඕනෑම අනයනකරුවෙකුට ලුණු ගෙන්විය හැකි බව ඇය සඳහන් කළාය.

ඒ යටතේ අයඩිනීකරණය කර නොමැති සහ කෑමට ගන්නා ලුණු ආනයනය කිරිමට හැකියාව ඇතැයි ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සදහන් කළා ය.

මේ අතර වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන්  කළේ අද(20) දිනයේ පරිභෝජනයට ගන්නා ලුණු මෙට්ට්‍රික් ටොන් 250ක්  මෙරටට ආනයනය කෙරෙන බවයි.

බදාදා,බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හිදි ආනයනය කෙරෙන ලුණු මෙරටට ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඉන්දියාවෙන් එම ලුණු ආනයනය කිරිමට නියමිතයි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

කෙහෙළිය අධිකරණයට රැගෙන එයි

Published

on

By

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.

එම නඩුව අද (20) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවීමට නියමිතය.

Continue Reading

පුවත්

අද පාර්ලිමේන්තුව (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (20) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

මැයි මස දෙවැනි රැස්වීම් සතියේ පළමු රැස්වීම් දිනය ලෙස අද (20) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.

අද පෙ.ව 9.30 – පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.

පෙ.ව 10.00 – 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්

පෙ.ව. 11.00 -11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා නිෂ්පාදන බදු (විශේෂ විධිධාන) පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිතය.

ප.ව 5.00 සිට ප.ව 5.30 කාලය විරුද්ධ පක්ෂය විසින් ඉදිරිපත් කරන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved