Connect with us

පුවත්

වරාය පෞද්ගලීකරණය කරන්න අපේ සූදානමක් නැහැ

Published

on

අදානි සමූහය විසින් කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කිරීම වැදගත් බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ (13) අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

විශේෂයෙන් වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම එම නිරීක්ෂණයේ ප්‍රධාන අරමුණ වී තිබේ.

මෙහිදී බිමල් රත්නායක මහතා පවසා ඇත්තේ අදානි සමූහ ව්‍යාපාරයේ මන්නාරම සුළං බල ව්‍යාපෘතියට පමණක් විරොධතා එල්ල වූයේ එය  ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අපහසු ව්‍යාපෘතියක් හේතුවෙන් බවය.

වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතියට මුදල් යෙදවීම සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැඟී ඇති නමුත් එම ගැටලුව ඇත්තේ  අදානි සමූහය සහ එම අරමුදල ලබාදීමට එකඟ වූ අමෙරිකානු ආයතනය අතර බවද අමාත්‍යවරයා පවසා තිබේ.

කෙසේවෙතත්, අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා ඇත්තේ කොළඹ වරාය ව්‍යාපෘතිය සඳහා සිය අභ්‍යන්තර ප්‍රාග්ධනය ලබා දීමට අදානි සමූහ ව්‍යාපාරය එකඟ වී ඇති බවය.

කොළඹ වරාය පෞද්ගලිකරණය කිරීමේ කිසිදු සූදානමක් නැති නමුත් වාරයේ සංවර්ධනය වෙනුවෙන් පෞද්ගලික අංශය සමඟ එක්ව කටයුතු කරන බවද බිමල් රත්නායක මහතා මෙහිදී පවසා තිබේ.

ලබන වසරේ ජූනි 30 වැනිදා වන විට නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු නිමා වීමෙන් පසු එයද වරාය මෙහෙයුම්වලට සම්බන්ධ වන හෙයින් දැනට වඩා දෙගුණයකටත් වැඩියෙන් බහාලුම් කටයුතු කාර්යක්ෂමවත් ක්‍රියාත්මක වනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර තිබුණි.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved