Connect with us

පුවත්

හඩ්සන්ගෙන් ජවිපෙ සමරසිංහට එරෙහිව CIDයට පැමිණිල්ලක්!

Published

on

සිය ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා සිදු කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇනැයි “දිනමිණ” පුවත්පත වාර්තා කර ඇත. 

එම පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මඟින් මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද එහි වැඩිදුරටත් දැක්වේ.

හඩ්සන්ට මෙසේ තර්ජනය කළ බවට වන ප්‍රවෘත්තියක් පසුගිය 14 වැනිදා සිළුමිණ පුවත්පත ද වාර්තා කර තිබිණි.

ඊට අමතරව, ඊයේ (23) උදෑසන ගුවන් විදුලියේ ස්වදේශීය සේවයේ පැයක වැඩ සටහනක් ඉදිරිපත් කරන අතර හඩ්සන් මහතා ද කියා සිටියේය.

මේ අතර, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා විසින් මරණීය තර්ජන එල්ල කිරීම තරයේ හෙළා දුටුවේය.

ඡන්දයෙන් ගනුදෙනුව බේරාගන්නා බවත්, රට පනින්න ඉඩ නොදෙන අතර  හැංගෙන්නට ඉඩක් නොලැබෙන්නේ යැයි ද, හඩ්ඩලාට නවතින්න වන්නේ හඳේ තමයි යනුවෙන්ද වසන්ත සමරසිංහ මහතා කළ තර්ජනය සමාජ මාධ්‍යයෙහි සැරිසරන බවද එහිදී ගුණවර්ධන මහතා කීය.

ඡන්දයෙන් පසුව රට පැන්නොත් එම රටවල වැඩිපුර සිටින්නේ මාලිමාවේ නියෝජිතයෙන් බැවින් ඔවුන් ඒ ගැන බලාගනු ඇතැයිද වසන්ත සමරසිංහ මහතා කියා ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීම සඳහා මෙවැනි තර්ජන නතර කරන ලෙස ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටින බවත් මාධ්‍යකරුවකුට තර්ජනයක් තිබේ නම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළ විට ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන බවත් බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ප්‍රචණ්ඩත්වයෙන් තොර ජනාධිපතිවරණ ව්‍යාපාරයක් සඳහා කටයුතු කරමු යැයි යෝජනා කරන බව ද අමාත්‍යවරයා එහිදී කීය.

මේ අතර, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා විසින් මරණීය තර්ජන එල්ල කර ඇති බවට මාධ්‍ය වාර්තා පලව තිබුණ ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් හඩ්සන් මහතා පොලිසියට පැමිණිල්ලක් සිදුකර නැතැයි “ලංකා ටෲත්” වාර්තා කර ඇත.

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved