Connect with us

පුවත්

වසර අග වාහන ආනයන සීමා ඉවත් කරන හැටි මුදල් අමාත්‍යාංශය කියයි

Published

on

2023 වසර අවසන් වන විට පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයනය සඳහා පනවා ඇති සියලුම සීමා ඉවත් කිරීමට අදහස් කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවට පවසා තිබේ.

විශේෂයෙන්  එවැනි සීමා කිරීම් හමුවේ තිරිගු පිටි, ටයිල් වැනි කර්මාන්ත වල මෙන් ද්විඅධිකාරි තත්ත්වයක් ඇති වී‍ම වළක්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් මෙම වාහන ආනයන සීමා කිරීම් කොපමණ කාලයක් ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව කාරක සභාව විමසා සිටි අවස්ථාවේදී නිලධාරීහු මේ බව පැවසූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) රජයේ මුදල් පිළිබද කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා විය.

කමිටුව විසින් 2023.07.20 දිනැති අංක 2341/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ ඇති රෙගුලාසි පිළිබදව අවධානය යොමු කළ අතර ඊට අනුමතිය ලබා දෙන ලදී. 

සංක්‍රමනික දීමනාව වැඩිකරයි

තවද 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ අංක 2338/40 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගය ද කාරක සභාවේදී සලකා බලා අනුමත කරන ලදී. මෙහිදී සංක්‍රමණික දීමනාවට පළමුවරට හිමිකම් කියනු ලබන විගාමිකයන් සදහා සුදුසු සංක්‍රමනික දීමනාව ඇ.ඩො. 30000 සිට ඇ.ඩො 50000 ක උපරිමය දක්වා හෝ වෙනත් නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන ප්‍රමාණයක උපරිමයක් දක්වා වැඩි කිරීම සිදුවේ. 

එවැනි නියෝගයකට පෙර වර්ෂයේ සංක්‍රමණය වූ අය සඳහා පවතින සාධාරණත්වය පිළිබඳ එහිදී  කමිටුව ප්‍රශ්න කළේය. මෙහිදී ඔවුන්ට ඉතිරි මුදල ලෙස උපරිම ඇ.ඩො. 20,000ක් දක්වා ලබාගත හැකි බව පැමිණ සිටි නිලධාරීහු ප්‍රකාශ කළහ.

තවද  සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත ද කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී.

ඒ අනුව, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නිෂ්පාදන බද්ද බදු ව්‍යුහය සරළ කිරීමට හදුන්වා දුන් බද්දක් බැවින් ආනයනයේදී නිෂ්පාදන බද්දට යටත්වන ඕනෑම මෝටර් රථයක් බද්දෙන් නිදහස්වීම සිදුවේ.

තවද විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් මත බදු බර අඩු කිරීම සඳහා එවැනි පුද්ගලයන් භාවිතා කරන උපකරණ,  කපා ඔප දැමීමෙන් පසු ප්‍රති අපනයනය කිරීමේ ශ්‍රී ලාංකික ව්‍යාපාර වල බදු බර අඩු කිරීමෙන් ගෝලීය වෙළෙඳපොළ තුළ වෙළෙඳපොළ තුළ තරගකාරීත්වය පවත්වාගෙන යාමට ප්‍රති අපනයනය කිරීම සඳහා ආනයනය කරන රළු ඔප දමා නොමැති මැණික් ගල්, අනෙකුත් ආනයන බදු ඉවත් කර ඇති ලෙසම තීරුබදු රහිත සාප්පු වල විකුණනු ලබන ඕනෑම භාණ්ඩයක් සමාජ ආරක්ෂණ දායකත්වය බද්දෙන් නිදහස් කිරීම සඳහා සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතේ පළමුව උපලේඛනය සංශෝධනය කිරීම සිදුවේ.

කෙසේ වෙතත්, ආබාධිත පුද්ගලයන් සඳහා ප්‍රවේශය තවමත් පහසු නොවන අවස්ථාවකදී බදු බර අඩු කිරීම ඔවුන් භාවිත කරන උපකරණ නිදහස් කිරීමේ ඵලදායිතවය පිළිබඳව කමිටුව පැමිණ සිටි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, වජිර අබේවර්ධන, පාඨලී චම්පික රණවක, නිමල් ලාන්සා, ඉසුරු දොඩංගොඩ, ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ, ආචාර්ය නාලක ගොඩහේවා සහ මධුර විතානගේ යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved