Connect with us

පුවත්

වසර 9කට වනඅලි මරණ 3,477ක්

Published

on

පසුගිය වසර 9ක කාලය තුළ දී ලංකාවේ වනඅලි මරණ 3,477ක් සිදුව ඇතැයි අද (06) පාර්ලිමේන්තුවේ දී අනාවරණය වුණි.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, 2015 – 2019 කාලය තුළ දී වනඅලි 1,466ක් මියගොස් ඇති අතර, 2020- 2024 කාලය තුළ වනඅලි 2,011ක් මියගොස් ඇති බවය.

මේ අතර, වනඅලි පහරදීම්වලින් පසුගිය වසර 9 තුළ දී මිනිස් ජීවිත 1,190ක් අහිමිව ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ 2015 – 2019 කාලයේ දී මිනිස් ජීවිත 456ක් සහ 2020 – 2024 යන කාලයේ දී ජීවිත 734ක් ලෙසය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, අලි – මිනිස් ගැටුමට විසඳුම් ලබාදීමට යම්කිසි කාලයක් ගතවෙන බවත්, වනජීවි දෙපාර්තමේන්තුව මේ තුළ ගැටලුකාරී තත්ත්වයකට මුහුණපා ඇති බවත්ය.

වනඅලි මෙන්ම මිනිසුන් මුහුණපා ඇති මෙම අර්බුදකාරී තත්ත්වය කෙරෙහි අවධානය යොමු කර ඉදිරි අයවැයේ දී ඊට විසඳුම් සෙවීම සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන්කිරීමට තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම නව පර්යේෂණ තුළින් සහ මේ සඳහා එක් කරගත යුතු සියලු ආයතන එකතු කරගනිමින් විසඳුම් සෙවීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පුවත්

මින්නේරිය හැඩකල “යුනිකෝන්” සමුගනී

Published

on

By

කටුකැලියාව රක්ෂිතයේ ඒක දන්ත ඇතෙක් වෙඩි තබා ඝාතනය කරතිබේ.

මෙම හස්තියා මින්නේරිය, කවුඩුල්ල නිජබිම කොටගත් විශාලම ඒක දන්ත හස්තියෙකු වන “යුනිකෝන්” නම් හස්තියා බව විශ්වාස කරයි.

හස්තියා මිය ගොස් ඇත්තේ හිසට එල්ල වූ වෙඩි පහරකින් බවට ද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් කිසිවකුත් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මේ වනවිට ඇතැම් පුද්ගලයන් කිසිදු බියක් සැකක් නොමැතිව අලි ඇතුන් මරා දැමීමට කටයුතු කරන බවකි.

Continue Reading

පුවත්

ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනම්

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබේ.

අද (17) මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත.

Continue Reading

පුවත්

මර්වින් සිල්වා නැවතත් රිමාන්ඩ්

Published

on

By

හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඔහු අද (17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 05 වනදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස්කර පෞද්ගලික අංශයට විකිණීමේ සිද්ධියකට අදාළවය.

හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මර්වින් සිල්වා මහතාට අමතරව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved