Connect with us

පුවත්

වහලේ සූර්ය පැනල් සවිකරගත් ලක්ෂයක් ආණ්ඩුව අමාරුවේ දාන්න යන බවට චෝදනා

Published

on

පියස මත සූර්යබල පද්ධති සවි කරගත් නිවාස හිමියන් ලක්ෂයකට අධික පිරිසක් දැඩි අවදානමකට ලක්ව ඇතැයි වාර්තා වේ.

රජය විසින් හඳුන්වා දී ඇති රෙගුලාසි හේතුවෙන් මෙම අවදානම් සහගත තත්ත්වය හටගෙන ඇති බව සූර්ය විදුලිබල කර්මාන්තකරුවෝ කියා සිටිති.

‘‘වහල මත සූර්යබල පද්ධති මගින් පමණක් 2024 වසරේදී ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 500ක් දී තිබෙනවා. එය ජාතික ඉල්ලුමෙන් 5%ක් පමණ වෙනවා. වහලය මත සූර්යබල පද්ධති සවිකර ගත් අයට කිලෝ වොට් 500ට අඩු නම් එක් ඒකකයකට රුපියල් 27 බැගින්ද, කිලෝ වොට් 500ට වැඩි නම් එක් ඒකකයකට රුපියල් 23 බැගින්ද ගෙවනු ලබනවා. නමුත් එම මුදලෙන් 30%ක් අඩු කිරීමට රජය කටයුතු කරන්න හදනවා. එවැනි තත්ත්වයක් යටතේ සූර්යබල ව්‍යාපෘති කරන සමාගම් බිඳවැටීමකට ලක් වෙනවා’’ යැයි සූර්ය කර්මාන්ත සංගමයේ (SIA) සභාපති ජාවිඩ් කමිල් මහතා පවසන බව ‘සති අග අරුණ’ වාර්තා කර තිබේ.

‘‘වහලය මත සූර්යබල පද්ධතියක් සවි කරන්නේ වසර 20ක වගකීමක් යටතේයි. මේ වනවිට රටේ ලක්ෂයකට අධික පිරිසක් සිය නිවෙස්වල වහලය මත සූර්යබල පද්ධති සවිකර තිබෙනවා. එම කර්මාන්තකරුවන් සිය ව්‍යාපාර කටයුතු අතහැර ගියහොත්, සූර්යබල පද්ධති නිසි පරිදි නඩත්තු කිරීමට හැකියාවක් නොමැතිව ලක්ෂයකට අධික පිරිසක් තර්ජනයට ලක් වෙනවා. එම නිසා දැනට කිලෝවොට් ඒකක සඳහා ගෙවන මුදල ඒ ආකාරයෙන්ම නොවෙනස්ව තබන ලෙසත්, එම මුදල අඩු නොකරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටිනවා’’ යැයි සූර්ය කර්මාන්ත සංගමයේ සභාපතිවරයා පවසා ඇත.

‘‘2025 පෙබරවාරි 09 වැනිදා දිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීමට වහල මත සූර්ය බලශක්ති පද්ධති වගකිව යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයි. ඒ පිළිබඳව සොයා බැලීමට ස්වාධීන කමිටුවක් පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. එම සිද්ධිය පාදක කරගෙන සෑම ඉරිදා දිනකම පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා වහලය මත සූර්ය බලශක්ති පද්ධති වසා දමන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කර තිබෙනවා’’ යැයිද සූර්ය කර්මාන්ත සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved