ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රථම රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී අද (25) පැවැත්වීමට නියමිතය.
එම සභාව අගමැතිවරයා, කතානායකවරයා, විපක්ෂනායකවරයා ඇතුළුව දස දෙනකුගෙන් සමන්විතය.
අද මැතිවරණ, පොලිස්, විගණන, සීමා නිර්ණ, රාජ්‍ය සේවා, මුදල්, ප්‍රසම්පාදන, මානව හිමිකම්, සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන යන කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව තීරණය කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.
ව්‍යවස්ථාදායක සභාවට ප්‍රධාන විපක්ෂය නොවන සෙසු විපක්ෂයේ පක්ෂවල නියෝජිතයා මෙතෙක් පත්කර ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් ද අද තීරණය කිරීමට නියමිත බව පැවසේ.