Connect with us

පුවත්

ව්‍යාපෘති සැලසුම් කළ කාලය තුළම අවසන් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

Published

on

මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන, ඉදිකිරිම් සහ නිවාස අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (06) පැවැත්විණි.

ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ක්‍රියාත්මක නගර සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, කොළඹ දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග පවිත්‍රතා සහ කසළ කළමනාකරණ ව්‍යාපෘති, ජල ව්‍යාපෘති සහ නිවාස ආධාර ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය සහ වත්මන් ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙම සෑම  ව්‍යාපෘතියක්ම  සැලසුම් කළ ලෙස නියමිත කාල පරිච්ඡේදය තුළ අවසන් කිරීමට වගබලා ගන්නා ලෙස මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපෝන්සු, කපිල ජනක බණ්ඩාර යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.  

පුවත්

අදින් ඇරඹෙන “ප්‍රජා ශක්ති”

Published

on

By

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන අද ආරම්භ වෙයි.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ,  ප්‍රධාන අරමුණු තුනක් ඔස්සේ සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ  සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා එම වැඩපිලිවෙල තුළින් අපේක්ෂා කරන බවයි.

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ මෙරට ග්‍රාම නිලධාරී වසම් 14,000 ක ප්‍රජා සංවර්ධන සභා පිහිටුවීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේ ය.

ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, වැඩපිළිවෙළ අධීක්ෂණය ජාතික ප්‍රතිපත්ති සභාවක් මගින් සිදු කෙරෙන බවයි.

Continue Reading

පුවත්

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

Published

on

By

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

පුවත්

සිසුවෙකු පා පුවරුවෙන් ඇද වැටීමේ සිද්ධියට සිසු සැරියේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම්

Published

on

By

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පා පුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී රියදුරු හා කොන්දොස්තරගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇතැයි නිරීක්ෂණය වූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඊයේ (03) දින වාර්තා වූ මෙම සිද්ධිය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ඒ අනුව මෙම බස් රථයේ සේවය කළ රියදුරු මහතාගේ හා කොන්දොස්තර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් පියවර ගත් බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved