Connect with us

පුවත්

වාහන අවභාවිතා හා බඩ් වාහන ගැන බොරු තොරතුරු දුන් අයට වැඩ වරදියි

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක පත්වීමෙන් පසු රජයේ වාහන අවභාවිතාවන් හා නීති විරෝධීව එකලැස් කර ඇති වාහන සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට හඳුන්වා දුන් 1997 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය වෙත ලද පැමිණිලි එකසිය තිහකට වැඩි සංඛ්‍යාවකින් සියයකට වැඩි සංඛ්‍යාවක්ම අසත්‍ය තොරතුරු යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියයි.

නිවැරදි තොරතුරු ලැබී ඇත්තේ 18 ක් පමණක් බවද තොරතුරු 22 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බවත් සෙසු සියලු තොරතුරු අසත්‍ය ඒවා බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටී.

මෙවැනි අසත්‍ය තොරතුරු ලබාදුන් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු කීවේය.

පසුගියදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ මහතාගේ නිවසේ නීති විරෝධී ලෙස එකලැස් කළ වාහනයක් ඇතැයි කියන තොරතුරකට අනුව ඔහුගේ නිවස පරීක්ෂාවට ලක්කළ බවද අධිකරණ වරෙන්තුවක් මත එය සිදුකළ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.සුජීවගේ ගෙදර බඩ් වාහන නොතිබුත් ඒ ගැන තවත් සොයනවා…

මන්ත්‍රිවරයාගේ නිවසෙන් මෙදින එවැනි වාහනයක් හමුනොවූ නමුත් එසේ කියා එය අසත්‍යක් යැයි පසෙකට නොදමන බවත් මේ සම්බන්ධයෙන් තවමත් විමර්ශන සිදුකෙරෙන බවත් හෙතෙම කියා සිටියේය.

මේ අතර පසුගිය සෙනසුරාදා තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයන් පදිංචිව සිටින ෂැන්ග්‍රිලා සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ වාහනයක බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව පරීක්ෂා කිරීමක් කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

එවැනි බෝම්බයක් ද එදින හමු නොවූ බවත් මෙය අධිකරණ සෝදිසි වරෙන්තු මත සිදුනොකළේ එය භයානක තොරතුරක් නිසා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඊයේ (06) පැවැති කැබිනට් තීරණ ප්‍රකාශ කිරීමේ මාධ්‍ය හමුවේදී කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේය.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved