Connect with us

පුවත්

වාහන ආනයනයට අදාළ රෙගුලාසි ගැසට්එක මෙන්න

Published

on

ප්‍රවාහන වාහන ආනයනය කිරීමට අදාළ රෙගුලාසි ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇත.

පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය විසින් ඉකුත් 2024 වසරේදී අදියර තුනකින් වාහන ආනයනයට අදාළව තීරණයක් ගත්තේය.

ඒ අනුව, පළමු අදියර යටතේ කර්මාන්ත වාහනද, දෙවන අදියර යටතේ ප්‍රවාහන වාහනද, තෙවන අදියර යටතේ පුද්ගලික වාහනද ආනයනය කිරීමට තීරණය කෙරිණි.

එහිදී ප්‍රවාහන වාහන ආනයනය කිරීමට අදාළව රෙගුලාසි නිකුත් කර නොතිබූ අතර, එම රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය ඉකුත් 24 වැනිදා 2421/04 දරන ගැසට් පත්‍රය මගින් නිකුත්කර ඇත.

1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, ඉකුත් 2024 වසරේ දෙසැම්බර් 18 වැනිදා සිට මේ වසරේ ජනවාරි 27 වැනිදා දක්වා ආනයන අපනයන පාලකවරයාගේ රෙගුලාසි යටතේ ණයවර ලිපි නිකුත්කළ වාහන මුදාහැරීමට එමගින් රේගු අධ්‍යක්ෂවරයාට අවසර ලබාදී තිබේ.

එමෙන්ම, 2024 වසරේ දෙසැම්බර් 18 වැනිදා සිට 2025 වසරේ ජූලි 31 වැනිදා තෙක් වාහන ආනයනයට ද හැකියාව පවති.

ආනයනය කරන මෝටර් වාහනය අලෙවි කිරීමට නම් දින 90ක් ඇතුළත අදාළ ගැනුම්කරුගේ නමින් මෝටර් වාහන දෙපාර්ථමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.

අදාළ ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ වාහනය ලියාපදිංචිය සඳහා ආනයනකරු හෝ ගැණුම්කරු බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඇතුළත් අදාළ ලියකියවිළි ඉදිරිපත් කළ යුතු බවය.

මෙලෙස ආනයන සීමා ලිහිල් වන්නේ අදාළ රෙගුලාසි යටතේ ආනයනය කළහැකි සීමාවන්ට යටත්වූ වාහන කිහිපයක් පමණයි.

මෝටර් වාහන දෙපාර්ථමේන්තුවේ ලියාපදිංචි වාහන ආනයනකරුවන් හැර අනෙකුත් පුද්ගලයන්ට වසරක කාලයක් තුළ මෙලෙස ආනයනය කළ හැකිවන්නේ එක් වාහනයක් පමණක් බව අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වේ.

යම් වාහන ආනයනකරුවෙකු 2025 වසරේ දෙසැම්බර් දක්වා මාස 06ක කාලයක් තුළ අනුමත වාහන සංඛ්‍යාව 25%කින් ඉක්මවා ආනයනය කරන්නේනම් එවැනි ආනයනකරුවෙකුට අවම වශයෙන් වසර 3ක් වාහන ආනයනය තහනම් කෙරෙනු ඇත.

අදාළ රෙගුලාසි උල්ලංඝනය කරමින් මෝටර් වාහන ආනයනයට අදාළ නියාමනයන්ට අනුකූල නොවන ලෙස ආනයනය කරන වාහන අදාළ ආනයනකරු විසින් දින 90ක් තුළ ඔහුගේ වියදමින් ප්‍රති අපනයනය කළ යුතු වීමත් විශේෂත්වයකි.

එම ගැසට් නිවේදනය පහතින්,

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved