Connect with us

පුවත්

වැට් හා දේශීය ආදායම් පනත් කෙටුම්පත් දෙවැනිවර කියැවීමේ විවාදය 09දා

Published

on

එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වය දෙවැනිවර කියැවීමේ විවාදය දෙසැම්බර් 09 පැවැත්වීමට අද (25) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මේ අනුව එදින පෙ.ව. 9.30 සිට 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කොට ඇති බවත් පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා මෙම පනත් කෙටුම්පත් ද්විත්වය විවාදයට ගැනීමට නියමිත බවත් මහලේකම්වරයා පැවසීය. තවද එදින ප.ව. 5.00 සිට 5.30 දක්වා ආණ්ඩුපාර්ශ්වය විසින් ගෙන එන යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

මීට පෙර දෙසැම්බර් 09 සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කොට තිබූ අතර මේ අනුව එය දෙසැම්බර් 10 දින පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ.

මේ අතර ලබන 30දා 2023 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයෙන් පසු 2022 මූල්‍ය වර්ෂයට අදාළ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සහ දේශීය භාණ්ඩාගාර ආඥා පනත යටතේ යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා ඉදිරිපත්කිරීමට නියමිතව ඇති බවද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

පුවත්

මෙරට ප්‍රංශ තානාපති අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිල නිවස තුළදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Jean Francois Pactet මහතා මියයන විට 53 හැවිරිදි වියේ පසුවිය.

දේහය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

Continue Reading

කලා

ආනන්ද පෙරේරා දිවිගමනට සමුදෙයි!

Published

on

By

මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු හා ගායකයකු වූ ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 67 හැවිරිදි වියේ පසුවිය.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහශක්ති සංගීත කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ඔහු විසිනි.

Continue Reading

පුවත්

“රාජපක්ෂලා එක්ක ඩීල් නොදැම්මේ සජබ විතරයි”

Published

on

By

රට විනාශ කළ රාජපක්ෂවරුන් සමග ඩිල් නොදැමූ එකම පක්ෂය සමගි ජන බලවේගය පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මෙම අදහස් පල කළේ, සජිත් ජනපති කරන, ජන බලය ගොඩ නගන ජන පවුර යන මැයෙන් සමගි ජන බලවේගය සංවිධාන කළ ජන රැළියට පොළොන්නරුව – කදුරුවෙළ නගරයේදී ඊයේ (25) එක්වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ නන්දසේන හේරත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් මහලේකම් සහ ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී සමන්ත බණ්ඩාර විපක්ෂ නායක සජිත්ප්‍රේමදාසට සහය පළ කරමින් මෙහිදී සමගි ජන බලවේගය සමග එක්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු සමගි ජන බල වේගය නියෝජනය කරන විශාල පිරිසක් මෙම රැලිය සඳහා එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved