මේ දිනවල දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්වය මත කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා අවධානයෙන් සිටින ලෙස එම නිවේදනය මඟින් ජනතාවට දැනුම් දෙයි.
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසන්නේ නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බවය.
මෙම පද්ධතිය අද (26) දින පෙරවරු 11.00 ට පමණ මඩකලපුවේ සිට කිලෝමීටර් 170 ක් සහ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240 ක් පමණ දුරින් ගිනිකොන දෙසින් පිහිටා ඇති අතර එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර හෙට (27) දිනයේ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්ර වීමට ඉඩ ඇති බව අදාළ නිවේදනයේ සඳහන්ය.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව, වයඹ සහ මධ්‍යම පළාත්වල ඉතා තද වැසි සහ තද සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වෙන අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම ,ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මි.මී.200 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවද දන්වා සිටියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව තවදුරටත් පවසයි.