Connect with us

පුවත්

වැඩි මිලට බඩු අලෙවි කරන වෙළඳුන් සොයා නඩු පැවරීම දිගටම

Published

on

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ආරම්භ කළ විශේෂ විමර්ශන වැඩසටහන අනිද්දා (15) දක්වා ක්‍රියාත්මක බව වාර්තා වේ.

සහල් තොග හා අලෙවිසැල් පාරිභෝගික නිලධාරීන් උපායදූතයන් ලවා පරීක්ෂා කරමින් වැඩි මිලට භාණ්ඩ අලෙවිකරන වෙළඳුන් සොයා නඩු පැවරීම මෙම වැඩසටහනේ දී සිදුකර ඇති බව සඳහන් වේ.

පාරිභෝගික අධිකාරියේ නිලධාරින් පවසන්නේ, අදාළ උත්සව කාලසීමාව තුළ සුපිරි වෙළඳසැල් ද ඇතුළුව සිල්ලර වෙළඳසැල්වල ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කළ බවයි.

පුවත්

නිකම්ම නිකන් හෙම්බිරිස්සාවක්ද?

Published

on

By

සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිත වෛරස් රෝග ව්‍යාප්ත වීමේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරන්ජන් දිසානායක මහතා සඳහන් කළේ ඇතැම් පුද්ගලයින්ට ඉහළ තීවුරතා මට්ටම්වලින් රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි බවය.

මෙම රෝග උත්සන්න වීමෙන් නියුමෝනියාව වැනි දරුණු තත්ත්වයන් ඇති විය හැකි බවද වෛද්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා,

“සාමාන්‍යයෙන් ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහයන්,විශේෂයෙන් නහය සිරවීම,වතුර ගලන ගතිය, උගුර ඉදිමෙන ගතිය, කැස්ස සෙම සමග උණ වගේ රෝග ලක්ෂණ තියනව නම් ගොඩක් වෙලාවට ඒක ස්වසන පද්ධතිය ආශ්‍රිතව ආසාත්මික තත්වයත් වෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට මේකට බලපාන්නේ ක්ෂුද්‍ර ජීවින්. ක්ෂුද්‍ර ජීවින් ⁣වර්ග ගොඩක් ඉන්නවා. ඒ ඕනෑම ක්ෂුද්‍ර ජීවියෙකුගෙන් ඉහත ලක්ෂණ ඇති කරන්න පුලුවන්. සමහර අයට මේක සුලු ආබාධයක් වෙන්න පුලුවන්. ඒත් සමහර අයට ඒක නිව්මෝනියා වගේ දරුණු තත්වයක් වෙන්නත් පුලුවන්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙලා ඉන්න එක වැදගත්.”

Continue Reading

පුවත්

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රියැදුරන්ට දැනුම්දීමක්

Published

on

By

රාවණා ඇල්ල රක්ෂිතයට අයත් අධි සංවේදී කලාපයක් වන ඇල්ල රොක් කඳු පන්තියේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඒ. එල්. එම් උදය කුමාර මහතා පැවසීය.

පෙරේදා (13) පස්වරු 4ට පමණ හටගත් මෙම ගින්න හේතුවෙන් ඇල්ල රොක් කඳු පන්තියේ ගල් රත්වී එම ගල් පුපුරායාමේ අවදානමක්ද මතුවී තිබුණි.

සහකාර අධ්‍යක්ෂ ඒ. එල්. එම් උදය කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට කඳු පන්තියේ ගල් නිරාවරණය වී ඇති බැවින් ගල් පහළට පෙරළීමේ අවදානමක් ද ඇති බවය.

ඒ හේතුවෙන් ඇල්ල -වැල්ලවාය මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් දැඩි විමසිලිමත්ව රිය ධාවනය කළ යුතු බවද දැනුම්දුනි.  

මේ අතර අප වාර්තාකරු සඳහන් කළේ, ඊයේ (14) රාත්‍රියේදී ගින්න වේගයෙන් පැතිර යමින් රාවණා ඇල්ල දියඇල්ල දෙසට ව්‍යාප්තවී තිබූ බවය.

පවතින වියලි කාලගුණය, සුළං තත්ත්වය මෙන්ම අධික බෑවුම හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර ගිය අතර, එය ගින්න පාලනය කිරීමට දැඩි වෙහෙසකර වී තිබුණි.

කෙසේ නමුත් තෙදිනක් පුරා ඇවිළෙමින් තිබෙන මෙම ගින්න නිවාදැමීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමකදී අනාවරණය වූයේ, මෙම රක්ෂිත කොටසේ මීට පෙර ගිනි ඇතිවූ අවස්ථාවන් හිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක සහාය ලබාගන්නා බවය.

එහෙත් මෙවර එවැනි සහායක් ලබාගෙන නොමැති බව වාර්තා විය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උදය හේරත් මහතාගෙන් “අද දෙරණ” විමසීමක් කළේය.

එහිදී ඔහු පවසා සිටියේ හෙලිකොප්ටර් යානයක සහායක් අවශ්‍ය බවට ඉල්ලීම් කර නොතිබූ බවත් ගින්න පැතිර ගිය ප්‍රදේශයේ පැවැති අවදානම් තත්ත්වය මත හෙලිකොප්ටර් යානයක සහායක් ලබාගැනීමට නොහැකි බවත්ය.

එමෙන්ම මේ වනවිට ගින්න පාලනය කර ඇති බවද හෙතෙම පැවසීය.

Continue Reading

පුවත්

2025 අයවැය ලබන සඳුදා පාර්ලිමේන්තුවට

Published

on

By

2025 වසර සඳහා වන අයවැය වාර්තාව එළඹෙන සඳුදා (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම සඳුදා පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි.

අනතුරුව අයවැය විවාදය 2025 පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා පැවැත්වෙන අතර දෙවෙනි වර කියවීමේ ජන්ද විමසීම 25 වැනිදා පස්වරු 06.00ට පැවැත්වෙනු ඇති.

අනතුරුව 2025 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා ප.ව 6.00ට පැවැත්වෙනු ඇති.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved