Connect with us

පුවත්

වැලන්ටයින් දිනයට හැදූ කංසා මිශ්‍ර චොක්ලට් වලට අනුමැතිය නෑ – රාජ්‍ය ඇමති

Published

on

පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කර ඇති කංසා මිශ්‍ර චොක්ලට් වර්ගය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී නොමැති බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පවසා තිබේ.

පොතුහැර ප්‍රදේශයේ ආයතනයක් විසින් නිපදවා ඇති මෙම කංසා මිශ්‍ර චොක්ලට් වර්ගයේ කංසා, අශ්වඝන්, වැල්මී සහ ලුණුවිල අඩංගු වන බව වාර්තා වෙයි.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම චොක්ලට් වර්ගය වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදෙන ලෙස අදාළ නිෂ්පාදකවරයා ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බවයි.

කංසා අබින් විෂවර්ග ආඥා පනතට අනුව මෙය තහනම් නිෂ්පාදනයක් වන බවත් මෙරට කංසා භාවිතයට ගැනීමට හැකියාව ඇත්තේ ඖෂධ සැකසීම සඳහා පමණක් බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

කෙසේවෙතත්, මෙම චොක්ලට් වර්ගය නිෂ්පාදනය කළ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ. ධනංජය වීරසූරිය පවසා ඇත්තේ මෙම නිෂ්පාදනය සඳහා අනුමැතිය ලබාගැනීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බවත්, ඒ අනුව, මෙම නිෂ්පාදනය පර්‌යේෂණාත්මක මට්ටමින් තිබියදී සීමිත කොටසක් අලෙවි කිරීමට හැකි අයුරින් අනුමැතිය ලබා දී ඇති බවත්ය.

මේ වනවිට එම පර්යේෂණයේ විද්‍යාගාර සහ සායනික පර්‌යේෂණ අවසන් කර තෙවන අදියරයේ මහජන පර්‌යේෂණ මට්ටමෙන් කටයුතු සිදුකරමින් සිටින බවත්, මේ දක්වා නිෂ්පාදනය කර ඇති කංසා මිශ්‍ර චොක්ලට් දහසක ප්‍රමාණය මේ වනවිට අලෙවි වී ඇති බවද ඔහු පැවසීය.

(මූලාශ්‍රය : අරුණ)

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved