වැලිගම වෙඩිතැබීමෙන් මියගිය කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්තව සේවය කළ උපුල් චමින්ද කුමාර පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
එම පොලිස් නිලධාරියාට රුපියල් ලක්ෂ 15ක පමණ මුදලක් සමඟ හිමිවිය යුතු සියලු වරප්‍රසාද පොලීසිය හරහා පිරිනැමීමට පියවර ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීයා සිටි.
වැලිගම – පැලෑන ප්‍රදේශයේ හෝටලයක පසුගිය 31 වැනිදා අලුයම් කාලයේ දී මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, වෙඩි තැබීම සිදු කළ වෑන් රථය පසුපස වැලිගම පොලීසිය හඹා ගොස් වෙඩි තබා ඇත.
එහි දී සිදු වූ වෙඩි හුවමාරුවකින් මෙම පොලිස් නිලධාරියා මිය ගොස් ඇති අතර, තවත් උප පොලිස් පරීක්ෂකවරයෙකු ද තුවාල ලැබීය.
සබැඳි පුවත් :
වැලිගම වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියකු ජීවිතක්ෂයට