Connect with us

පුවත්

වැස්ස වැඩිවේ

Published

on

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (18) සිට වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තුමේන්තුව දැනුම්දෙන්නේ ඒ හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

ඉන් ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

මීට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි‍.

එමෙන්ම, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් තිබෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

තවද, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මේ හේතුවෙන් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

පුවත්

ගොවීන්ගෙන් ආණ්ඩුවට වී කිලෝ 700යි 

Published

on

By

වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට ඉකුත් සතියේ දී ගොවීන් අලෙවි කර ඇත්තේ කිලොග්‍රෑම් 700 ක වී තොගයක් පමණක් බව වාර්තා වේ. 

අම්පාර දිස්ත්‍රික්කයේ වී ගබඩාවකට මෙම වී තොගය ලැබී තිබේ.

රජය වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනු ලැබුවේ ඉකුත් 06 වැනිදා සිටය. 

කෙසේවුවද, පෞද්ගලික අංශය වේලන ලද නාඩු, සම්බා වී කිලෝවක් රුපියල් 120 ත් 130 ත් අතර මිලකට මිලදී ගන්නා බව ගොවීන් කියා සිටිති. 

වී තොග රැස්කරන්නන් රැසක් කුඹුරටම ගොස් වී මිලදී ගෙන මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට අලෙවි කරන බවද පැවසේ.

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ ආයතනයේ වාර්තාවලට අනුව තවමත් වෙළෙඳ පොළේ සහල් අලෙවි කෙරෙන්නේ රජයේ පාලන මිල ඉක්මවා බවද පැවසේ. 

ඇතැම් ගොවීන් වී තොග අලෙවි නොකර, වී මිල තවත් වැඩිවනතුරු සිය නිවෙස්වල ගබඩා කරගෙන සිටින බව ද වාර්තා වේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

නවදිල්ලි දුම්රියපලේ තෙරපී 18ක් මරු දකියි!

Published

on

By

ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ.

සිද්ධියෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රයාග්‍රාජ් හී මහා කුම්භමේලා උත්සවය සඳහා දුම්රියවලට නැගීමට උත්සාහ කළ මගීන්ගේ හදිසි තදබදය මීට හේතුව බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

Continue Reading

පුවත්

වාහන ආනයනයට නිකුත් කළ LC ජපන් බැංකු ඉවත දාලා 

Published

on

By

මෙරටට වාහන ආනයනය කිරීමට නිකුත්කර ඇති ණයවර ලිපි ජපානයේ ඇතැම් ප්‍රමුඛ පෙළේ බැංකු විසින් පිළි නොගැනීම නිසා වාහන ආනයනකරුවන් අසීරුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.

වසර 2020 මාර්තු මාසයේදී වාහන ආනයන කරන අවස්ථාවේ ණයවර ලිපි 400ත් 500ත් අතර ප්‍රමාණයක් විවෘත කර තිබූ බවත්, අදාළ තත්ත්වය නිසා එම අවස්ථාවේ විවිධ ගැටලු මතුවූ බවත්, ඒ තත්ත්වයත් සමඟ ලංකාවේ ණයවර ලිපි සඳහා තිබූ තත්ත්වය බිංදුවට වැටී ඇතැයි ද ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති  ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා කියා සිටී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved