ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පහල වායුගෝලයේ කැළඹිලි තත්ත්වය මේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තුමේන්තුව පවසයි.
කෙසේවෙතත් මෙම තත්ත්වය ඉදිරි පැය 24 තුළ වර්ධනය විය හැකි බව ද නැගෙනහිර, උතුරු, උතුරු මැද, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.
දිවයිනේ සෙසු ප්‍රදේශවලටද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තුමේන්තුව දන්වා සිටි.