Connect with us

පුවත්

විකුණන්න යන ආයතන 4ක ණයටික ආණ්ඩුවට !

Published

on

ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජිත ප්‍රධානම රාජ්‍ය ආයතන වන ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනවල ගිණුම්ගතව ඇති දෙස් විදෙස් ණය එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර රජයට පවරා ගැනීමට තීන්දුවක් ගෙන ඇතැයි වාර්තා වේ.

ඒවා ස්වෛරී සහතික විදේශ ණය ලෙස රජයට පැවරෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

ඒ අතර දැනට නිකුත්ව ඇති පසුගිය වසරේ මුල් කාර්තුවට අදාළ මූල්‍ය වාර්තා අනුව 2022 වසරේ මුල් කාර්තුවේ රාජ්‍ය ආයතන 52 කින් 19ක් ලැබූ පාඩුව රුපියල් බිලියන 859ක් හෙවත් රුපියල් කෝටි අසූ පන්දහස් නවසීයකි. (කෝටි 85,900 කි.) 

එම කාලයේ රාජ්‍ය ව්‍යවසායකින් ලැබූ වැඩිම පාඩුව වාර්තා කර ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. 

එම ආයතනය ලැබූ පාඩුව රුපියල් බිලියන 628ක් හෙවත් කෝටි හැට දෙදහස් අටසීයකි. (කෝටි 62,800 කි.) 

එම කාලය තුළ රජය සතු කොළඹ හිල්ටන් හෝටලය රුපියල් බිලියන 5ක් පමණ (කෝටි 5200ක්) පාඩු ලබා ඇති බව මුදල් අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි.

පුවත්

ලංගම හිටපු උප සභාපතිට ඇප (UPDATE)

Published

on

By

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා ඇප මත මුදාහැරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ.

සැකකරුව අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ, කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.


(පෙර පුවත 2025 අප්‍රේල් 29 ප.ව.2.24 )

ලංගමයේ හිටපු උප සභාපති අත්අඩංගුවට

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.

Continue Reading

පුවත්

රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේදී

Published

on

By

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලනය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය  පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වීමට රජය තීරණය කර ඇති අතර ඒ අනුව නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විහාරස්ථානය කේන්ද්‍රකරගනිමින් මැයි මස 10 වැනි දින සිට 16 වැනි දින දක්වා සතියක කාලයක් වෙසක් සතිය ප්‍රකාශයට පත් කිරීමටත් පියවර ගෙන තිබේ.

ඒ අනුව එම කාල සීමාව තුළ බෞද්ධාගමික වැඩසටහන් සංවිධානය කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා එක්ව ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Continue Reading

පුවත්

ආර්ථික සංගණනයක්

Published

on

By

2025 වර්ෂයේදී කෘෂිකාර්මික කටයුතු සහ 2026 වර්ෂයේදී කෘෂිකාර්මික නොවන කටයුතු ගණන් ගැනීම ආවරණය වන පරිදි ආර්ථික සංගණනයක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2013/14 වර්ෂයන්හිදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට ආර්ථික සංගණනය පවත්වා තිබේ.

එම සංගණනයේදී රැස් කරන ලද දත්ත යාවත්කාලීන කිරිම සඳහා කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් වෙන වෙනම අදියර දෙකකින් ආවරණය වන පරිදි, 2025 සහ 2026 යන වර්ෂයන්හි දී ආර්ථික සංගණනය පැවැත්වීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් එලෙස අනුමැතිය ලබාදී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved