Connect with us

පුවත්

විජයදාසගෙන් කථානායකට ලිපියක්

Published

on

තමා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමයේ සභාපති දිසා විනිසුරු රුවන් දිසානායක සහ ලේකම් ඉසුරු නෙත්තිකුමාරගේ මහත්වරුන් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කර විනය විරෝධීව කටයුතු කර ඇති නිසා එම විනිසුරුවරුන් දෙදෙනා පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා විමර්ශනයක් කර සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කතානායකවරයාට ලිපියක් යවමින් දැනුම්දී තිබේ.

අධිකරණ ක්ෂේත්‍රයේ සිදුවී ඇති සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබියදී එම විනිසුරුවරුන් දෙදෙනා එම පර්යේෂණ ක්‍රියාවලිය කඩාකප්පල් කර යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමේ උත්සාහයක නිරතව සිටින බවද විජයදාස රාජපක්ෂ මහතා එම ලිපියෙන් දැනුම්දි තිබෙන බව සඳහන්ය.

අධිකරණ ක්ෂේත්‍රයේ අනීතික ක්‍රියා හෙළිදරව් කර තිබියදී ඒවා සම්බන්ධයෙන් පියවර ගැනීම සියලු විනිසුරුවරුන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමක්ව තිබියදී තමාගේ එම හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ද්වේශ සහගතව මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමට කිසිවකුටත් අයිතියක් නැති බව එම ලිපියෙන් පෙන්වා දී ඇත.

තවද රාජපක්ෂ මහතා තමා පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්වෙන් පසු විනිසුරුවරුන් තිස් දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඒ ගැන තමාට ස්තුති කළ බවද පවසයි.

ඉහත ප්‍රකාශ නිකුත් කර ඇත්තේ අධිකරණමය විෂය පථයේ කොටසක් ලෙස නොව පෞද්ගලික හෝ පෞද්ගලික මට්ටමින් ඇති කරගත් බැඳියාවක් මතවන හෙයින් එම ක්‍රියාව පැහැදිලි ලෙසම පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත උල්ලංඝනය කිරීමක් බවද විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved