Connect with us

පුවත්

විජිත හේරත්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

Published

on



පසුගිය යහපාලන රජය සමයේ ගොනුකෙරුණු අල්ලස් නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට නොවැම්බර් මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියම කලේය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී එම නඩුවේ පැමිණිලිකරු වන විජිත හේරත් මහතා සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටියේය.

එම අවස්ථාවේදී විජිත හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අද අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් වශයෙන් දිවුරුම්දීමට ඇති නිසා සාක්ෂි දීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබුණි.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණය විජිත හේරත් මහතාට සාක්ෂි දීම සඳහා යළි නොවැම්බර් මස 29 වනදා පෙනී සිටින ලෙස නියෝග කලේය.

2010 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රවර්ධන කටයුතුවල දී පුද්ගලික සමාගමක් සමඟ ඇති කර ගත් එකඟතාවය රුපියල් මිලියන 64ක මුදලක් රජයට පාඩු කළේ බවට, චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

පුවත්

වෙසක් සමයේ දිවයින පුරා විශේෂ වැටලීම්

Published

on

By

වෙසක් සමයේදී රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය පවසන්නේ, වෙසක් සමයේදී බහුලව භාවිතා වන අටපිරිකර, ආගමික පූජා, හඳුන්කූරු, අලංකාර භාණ්ඩ සහ විදුලි බල්බ වැනි දෑ සහ ඒවා විකුණන වෙළෙන්ඳන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන බවය.

එමෙන්ම, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දී තිබේ.

Continue Reading

පුවත්

මිත්‍රත්ව සංගමේ ලොකු පුටුව නලින්දට

Published

on

By

ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්ව තිබේ.

ඒ, එම සංගමය පසුගිය 08 වනදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වූ අවස්ථාවේදීය.

එම රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා එම සංගමයේ ලේකම් ධූරයට පත්වී තිබේ.

Continue Reading

පුවත්

සිරිපා වන්දනා සමය අදින් අවසන්

Published

on

By

අද දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයත් සමග මෙවර ශ්‍රී පාද වන්දනා සමය ද අවසන් වේ.

ඒ අනුව හෙට (13) පෙරවරුවේදී ශ්‍රී පාද මළුවේ සිට සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිත බව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී පුජ්‍ය මොරහැල සුගතජෝතී හිමි පැවසූහ.

පසුගිය දෙසැම්බර් මස 14 වන දින මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved