Connect with us

පුවත්

විජේදාස ආණ්ඩු පක්ෂයේ පසු පෙළට තල්ලු වෙයි

Published

on

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ පසු පෙළ ආසනයක් වෙන් කර ඇතැයි වාර්තා වේ.

මේ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් අසුන් ගන්නා ආසනවලට පසුපසින් හිටපු අමාත්‍යවරුන්ට වෙන්කර ඇති ආසනවලින් එකක් ඔහුට  වෙන් කෙරෙනු ඇත.

කෙසේ වෙතත් ඔහු විපක්ෂයේ අසුනක් වෙන් කරන්නැයි ඉල්ලීමක් කළහොත් ඒ සඳහාද අවශ්‍ය කටයුතු සලසා දීමට පාර්ලිමේන්තු  ප්‍රධානීන් බැඳී සිටින බව දැනගන්නට ඇත.

විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඉදිරි ජනාධිපතිවරණය  සඳහා  ඔහු අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්වීම හේතුවෙනි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට සහාය නොදෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ  මන්ත්‍රී කණ්ඩායමට මෙතෙක් විපක්ෂයේ  අසුන් පැනවීමට තීරණයක් ගෙන නැතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

ඔවුනටද විපක්ෂයේ අසුන් පනවන්නැයි මන්ත්‍රීවරුන් පිරිසක් අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව දැනගන්නට ඇත.

පුවත්

අද කාලගුණය

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවය.

මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා ඉහළ යා හැකියි.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

හලාවත සිට කොළඹ  සහ ගාල්ල  හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading

පුවත්

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 82 හැවිරිදි වියේ පසුවිය.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡාකරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව – මහාචාර්ය අනිල්

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

අද (30) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම සාකච්ඡාවන්වල වාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට පසුගිය අප්‍රේල් 02 වනදා සිට තීරණය කළේය.

එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකා ඇතුළු රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම සජීවීව ප්‍රකාශයට පත්කළේය.

එහිදි ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වනු ලැබීය.

අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීමේ අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අප්‍රේල් 03 වනදා කමිටුවක් පත්කළේය.

එම කමිටුව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන මහත්වරුද මෙම පත් කරනු ලැබීය.

පසුව ට්‍රම්ප් විසින් මෙරටට පැනවූ නව බදු සම්බන්ධව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා රජය විසින් නිවේදනයක් නිකුත් කළේය. 

ඉන් අනතුරුව එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, ශ්‍රී ලංකා දූත පිරිසක් පසුගිය මාසයේ වොෂින්ටන් හි දී තීරුබදු ආශ්‍රිත කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්විය.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවමින් මැයි 28 වනදා නියෝගයක් නිකුත්කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved