Connect with us

පුවත්

විද්‍යා ඝාතකයින් නිදහස් කරන්නැයි ගොනු කළ පෙත්සම් විභාගයට

Published

on

විද්‍යා නමැති පාසල් දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුවන් විසින් ඔවුන්ට පනවා තිබෙන දඬුවමින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද අභියාචනා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) දින නියමකර තිබේ.

ඒ, මෙම අභියාචනා පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.

එම අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බලා ඇති ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල විත්තිකරුවන්ගේ අභියාචනා ඔක්තෝබර් මස 6 වැනිදා විභාගයට ගැනීමට දින නියම කර ඇත.

මෙම අභියාචනා කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාරගතව සිටින අදාළ දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන විත්තිකරු වන ‘ස්වීස් කුමාර්’ ඇතුළු විත්තිකරුවන් දැඩි ආරක්ෂාව මැද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ගෙන එනු ලැබ තිබේ.

2015 වසරේ මැයි මස 13 වැනිදා යාපනෙයේදී විද්‍යා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත් වූ යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විත්තිකරුවන් හත් දෙනෙකුට 2017 වසරේදී මරණීය දණ්ඩනය නියම කර තිබිණි.

එම දඬුවම නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව ත් එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ත් නියෝග කරන්නැයි එම විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා මගින් ඉල්ලනු ලැබ ඇත.

පුවත්

හෙලිකොප්ටර්  අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළට (UPDATE)

Published

on

By

බෙල් 212 හෙලිකොප්ටර්  අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.11.26 )

බෙල් 212 අනතුරෙන් හමුදාවේ 5ක් මරුට

අද (09) උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණි.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

මාදුරුඔය පීරා බෙල් 212 සොයන මෙහෙයුම… #Accident1st #bell212 #Helicopter #crashe #MaduruOya

Posted by Accident 1st on Thursday, May 8, 2025

(වීඩියෝ :Accident 1st)


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.10.10 )

හෙලිකොප්ටරයේ සිටි 12දෙනා බේරාගනී

මාදුරුඔය ජලාශයට කඩා වැටුණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ ගමන්කල සියලු දෙනා බේරාගෙන තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සිට මාඳුරු ඔය ප්‍රදේශයේ සංදර්ශනයකට  පියසාර කරමින් සිටියදී එය කඩා වැටී ඇති බවය.

එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබූ අතර ඔවුන් සියලුදෙනාම බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය. 


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.9.12 )

හෙලිකොප්ටර් යානයක් කඩා වැටේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩාවැටී ඇති බව වාර්තා වේ.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියක් අතරතුර ගුවන් ගත වූ යානයක් මෙසේ කඩා වැටී ඇත.

එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.

Continue Reading

පුවත්

කොළඹ වරායේ ප්‍රති නැව්ගත කිරීම් ඉහළට

Published

on

By

ඉන්දු පාකිස්ථාන යුධ තත්වය හේතුවෙන් කොළඹ වරාය කාර්යබහුල වී තිබේ.

වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ , ඒ සඳහා උපරිම කාර්යක්ෂමතායෙන් යුතුව මුහුණ දීමට පියවර ගෙන ඇති බවය.

යුධමය වාතාවරණයත් සමග ඉන්දීය නෞකා පකිස්ථානය වෙත යාමත් පාකිස්ථාන නෞකාව ඉන්දියාව වෙත යාමත් අත්හිටුවා තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඒ සමගම ප්‍රති නැව්ගත කිරීම් ඉහළ ගොස් ඇති බවයි.

Continue Reading

පුවත්

දීර්ඝ සතිඅන්තය සහ වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

Published

on

By

සතිඅන්ත දීර්ඝ නිවාඩුව සහ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඔ කොටුව සහ බදුල්ල අතර මෙන්ම කොළඔ කොටුව සහ කන්කසන්තුරේ අතර මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමෙන්තුව සඳහන් කළේය.

ඒ අනුව අද සිට ලබන 13වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක වෙයි.

වැඩි විස්තර පහතින්,

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved