Connect with us

පුවත්

විදුලි ගාස්තුව 15%කින් ඉහළට (UPDATE)

Published

on

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව දැනුම් දුන්නේය.

කුඩා පරිභෝජන කාණ්ඩ වන ඒකක 90ට වඩා අඩු ආගමික ස්ථානවලට මෙවර විදුලි ගාස්තු සංශෝධනයෙන් කිසිදු වෙනසක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක, ජයනාත් හේරත් මහතා පවසයි.

ඒ වගේම ඒකක 30ට වඩා අඩු ගෘහස්ත අංශයේ කාණ්ඩවලට 8%ක් වැඩිවීමක් සිදුව තිබේ.

ඒ අනුව රු 75ට තිබු මාසික ගාස්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට රු 80ක් බවට පත්වේ.

ඒකක 30 – 60 කාණ්ඩය මෙතෙක් පැවති ඒකකය මිල රු 2කින් ඉහළ ගොස් ඇති අතර එහි ඒකකයක නව මිල රුපියල් 8කි. ඒ අනුව එම කාණ්ඩයේ මාසික ගාස්තුව රු 10කින් ඉහළ යනු ලබන අතර එය රු 210ක් බවට පත් වේ.

මේ අතර ඒකක 61 – 90 සමස්ත බිල්පත් වැඩිවීම රු 240කට සීමාවේ. මේ අතර ඒකක 91 – 120 දක්වා සමස්ත බිල්පත් වැඩිවීම රු 360ක් වේ.

ඒකක 121 – 150 දක්වා සමස්ත බිල්පත් වැඩිවීම රු 600කි.

ඒකක 121 – 180 සමස්ත බිල්පත් වැඩිවීම රු 840කට සීමා වෙන අතර ඒකක 180ට වැඩි කාණ්ඩයට රු 2020කට සීමා වේ.

ඒ අනුව ගෘහස්ත අංශයේ විදුලි ගාස්තු සංශෝධනය රු 20 සිට රු 2020 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒකක 180ට වැඩි ආගමික ස්ථානවලට මාසික ස්ථාවර ගාස්තුවල වැඩිවීමක් නොමැති අතර, ඒකක ගාස්තුව පමණක් ඉහළ යනු ඇත.

කර්මාන්ත අංශය පසුගිය වර්ෂයට අදාළව විදුලි ගාස්තුව ඒකක 300ට වැඩි වෙන විට ඒකක ගාස්තුව 4කින් සහ මාසික ගාස්තුව රු 50කින් ඉහළ යනු ඇත.

විශාල කර්මාන්ත, හෝටල් සහ පොදු කාර්යය ස්ථාවර ගාස්තුව රු 5000 එලෙසම පවතින අතර, මාසික ඉල්ලුම් ගාස්තුව පමණක් රු 100කින් ඉහළ යනු ඇත.

ඒ අනුව ඉහත කාණ්ඩයේ රු 23ට පවතින ඒකක ගාස්තුව රු 28 දක්වා ඉහළ යනු ලබන අතර, රු 13 කින් පවතින ඒකකය රු 15 දක්වා සහ රු 11 පවතින ඒකකය රු 12 දක්වා රුපියලකින් ඉහළ යනු ඇත.

ඒ අනුව ඒකක ගාස්තු වැඩිවීම ශත 50ත් රු 9ත් අතර, පරාසයකින් ඉහළ ගොස් ඇති අතර, මාසික ගාස්තු වැඩිවීම රු 50ත් රු 100ත් අතර මට්ටමකින් සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක, ජයනාත් හේරත් මහතා පැවසීය.

සමස්ත වැඩිවීම බිලියන 276ක් ඉදිරිපත් කර ඇති යෝජනාවක් බිලියන 268කට සීමා කර ඇති අතර, එම ඉලක්කය ළඟා කර ගැනීම සඳහා මෙලෙස විදුලි ගාස්තු සංශෝධනය සියයට 15කින් ඉහළ දැමූ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 


(පෙර පුවත 2025 ජූනි 11 ප.ව.1.35 )

විදුලි ගාස්තුව 15%කින් ඉහළට

හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි  2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි
ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව දැනුම් දුන්නේය.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved