Connect with us

පුවත්

හෙට සිට විදුලි ගාස්තු අඩුවේ (Update)

Published

on

හෙට (ජුලි 01) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 14.2 කින් විදුලි ගාස්තු අඩුකිරීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා‌ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

• ගෘහස්ත අංශයේ 0ත් 30 අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට සියයට 65ක් ගාස්තු අඩු වීමක්. ඒකකය රුපියල් 30 සිට රුපියල් 10 දක්වා අඩු කෙරේ. මාසික ගාස්තු රුපියල් 400 සිට 150 දක්වා අඩු කෙරේ.

• ඒකක 60 ට අඩු කාණ්ඩයේ ඒ්කක ගාස්තුව රුපියල් 42 සිට 32 දක්වා අඩුකෙරෙන අතර මාසික ගාස්තු රුපියල් 650 සිට 300 දක්වා අඩු කෙරේ

• ඒකක 91ත් 120ත් කාණ්ඩය සදහා ඒකකය රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරෙන අතර මාසික ගාස්තුව රුපියල් 1500 සිට 1000 දක්වා අඩු කෙරේ.

• ආගමික ස්ථාන සදහා සියයට 16ක ගාස්තු අඩුවීමක්. අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථාන වලට ඒකකය රුපියල් 10 බැගින්. (රුපියල් 30 සිට 10 දක්වා අඩු කෙරේ). ආගමික ස්ථාන සදහා කඩිනමින් සුර්ය බල පද්ධති ස්ථාපනය කරන්නැයි ලංවිමට හා ලෙකො සමාගමට කොන්දේසි

• හෝටල් අංශය සදහා සියයට 26.3ක ගාස්තු අඩුවීමක්

• කර්මාන්ත අංශය සදහා සියයට 9ක ගාස්තු අඩුවීමක්

• වාණිජ ගොඩනැගිලි වල විදුලි ගාස්තු සියයට 5කින් අඩු කෙරේ

• රජයේ ගොඩනැගිලි වල විදුලි ගාස්තු සියයට 1 කින් අඩු කෙරේහෙට (ජුලි 01) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 14.2 කින් විදුලි ගාස්තු අඩුකිරීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා‌ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

• ගෘහස්ත අංශයේ 0ත් 30 අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට සියයට 65ක් ගාස්තු අඩු වීමක්. ඒකකය රුපියල් 30 සිට රුපියල් 10 දක්වා අඩු කෙරේ. මාසික ගාස්තු රුපියල් 400 සිට 150 දක්වා අඩු කෙරේ.

• ඒකක 60 ට අඩු කාණ්ඩයේ ඒ්කක ගාස්තුව රුපියල් 42 සිට 32 දක්වා අඩුකෙරෙන අතර මාසික ගාස්තු රුපියල් 650 සිට 300 දක්වා අඩු කෙරේ

• ඒකක 91ත් 120ත් කාණ්ඩය සදහා ඒකකය රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරෙන අතර මාසික ගාස්තුව රුපියල් 1500 සිට 1000 දක්වා අඩු කෙරේ.

• ආගමික ස්ථාන සදහා සියයට 16ක ගාස්තු අඩුවීමක්. අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථාන වලට ඒකකය රුපියල් 10 බැගින්. (රුපියල් 30 සිට 10 දක්වා අඩු කෙරේ). ආගමික ස්ථාන සදහා කඩිනමින් සුර්ය බල පද්ධති ස්ථාපනය කරන්නැයි ලංවිමට හා ලෙකො සමාගමට කොන්දේසි

• හෝටල් අංශය සදහා සියයට 26.3ක ගාස්තු අඩුවීමක්

• කර්මාන්ත අංශය සදහා සියයට 9ක ගාස්තු අඩුවීමක්

• වාණිජ ගොඩනැගිලි වල විදුලි ගාස්තු සියයට 5කින් අඩු කෙරේ

• රජයේ ගොඩනැගිලි වල විදුලි ගාස්තු සියයට 1 කින් අඩු කෙරේ

2023 ජුලි 1දාසිටක්‍රියාත්මකවිදුලිගාස්තුසංශෝධනයටඅදාලකොන්දේසි

1. සහාධිපත්‍ය දේපල (නිවාස සංකීර්ණ) වල පාරිභෝගිකයින් ට අදාල වන ගාස්තු කාණ්ඩයට යටත් කර ගාස්තු අයකිරීම සදහා ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) හා ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකො) කඩිනමින් පියවර ගත යුතු වේ. මෙම නිවාස සංකීර්ණ වල පොදු ස්ථාන සදහා වැය වන විදුලිය සහ වෙනත් නඩත්තු වියදම් පියවාගැනීම සදහා ශ්‍රී ලංකා විදුලි බල පනතේ 18 වන වගන්තිය යටතේ සේවා ගාස්තු ක්‍රමයක් හදුන්වාදීමට ලංවිම/ලෙකො අදාල නිවාස සංකීර්ණ වල කලමණාකරන සංස්ථා සමග ගිවිසුම් ගත වීමට පුළුවන.

2. වීථී ලාම්පු සදහා පරිභෝජනය කෙරෙන විදුලිය මනුගත කර/ඇස්තමේන්තු කර බිල්පත් නිකුත් කර අදාල පලාත් පාලන ආයතන/මාර්ග සංවර්ධන අධිකාරියෙන් අදාල ගාස්තු අයකර ගැනීම සදහා පියවර ගත යුතුය.

3. පාරිභෝගිකයින්ගෙන් ලබාගත් ඇප තැන්පතු ආයෝජනය කර ඉන් ලැබෙන ප්‍රතිලාභ වලින් පාරිභෝගිකයින්ට පොලිය ගෙවීමට පියවර ගත යුතු වේ.

4. පාරිභෝගික ඇප තැන්පතු සදහා ගෙවන පොලිය අදාල පාරිභෝගිකයාගේ මාසික බිල්පතෙන් අඩු කර ගැනීම සදහා පියවර ගත යුතු වේ.

5. ඉන්ධන හා ගල් අගුරු සැපයීම් වලට අදාලව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා කෝල් සමාගම සමග ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට ලංවිම පියවර ගත යුතුය.

6. ලංවිම විදුලි බලාගාර සහ ලංවිම සම්ප්‍රේශණ අංශය අතර විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් ක්‍රියාවට නැගිය යුතු අතර ලංවිම සම්ප්‍රේශන අංශය හා බෙදාහැරීම් අංශ අතර විදුලිය අලෙවිය සදහා ගිවිසුම් ක්‍රියාවට නැගිය යුතු ය.

7. දැනට බලපත්‍ර රහිතව ක්‍රියාත්මක ලංවිම බලාගාර සදහා මාස 2ක් ඇතුළත බලපත්‍ර ලබාගත යුතුය.

8. පුනර්ජනනීය විදුලි බලාගාර (වහල මත සවිකරන සුර්ය බලාගාර ද ඇතුළුව) වලින් විදුලිය මිලදී ගැනීමේදී කල යුතු ගෙවීම් කඩිනමින් ගෙවීමට පියවර ගත යුතුය.

9. මෙම තීන්දුවේ දිනයේ සිට මාස දෙකක් ඇතුළත ලංවිම විසින් තොග සැපයුම් සම්ප්‍රේශණ ගිණුම ක්‍රියාවට නැගිය යුතුය.

10. නෙට් මීටරින් සහ නෙට් එකවුන්ටින් ක්‍රම යටතේ වහල මත සවිකල සුර්ය බල පද්ධති සහිත විදුලි පාරිභෝගිකයින්ගෙන් මාසික ස්ථාවර ගාස්තු අයකිරීමේ දී ඔවුන් විසින් ආනයනය කල ශුද්ධ විදුලි ප්‍රමාණය මත මාසික ගාස්තුව අය කල යුතු ය. ඔවුන් විසින් ශුද්ධ අපනයනයක් කර ඇත්නම් මාසික ගාස්තුව තීරණය කල යුත්තේ මාසික විදුලි පරිභෝජනය 0 ලෙස පදනම් කරගෙනය.

11. ආගමික ස්ථාන සදහා වහල මත සවිකරන සුර්ය බල පද්ධති සවිකිරීමේ ක්‍රියාදාමය ලංවිම සහ ලෙකො විසින් කඩිනම් කල යුතු අතර එහි ප්‍රගතිය පිළිබද වාර්තාවක් මෙම තීන්දුවේ දිනයේ සිට මාස දෙකක් ඇතුළත කොමිෂන් සභාවට ඉදිරිපත් කල යුතුය.

සටහන-ඉහත කොන්දේසී වලින් 1, 2, 4, 5, 6, 8 සහ 9 යන කොන්දේසී පසුගිය ගාස්තු සංශෝධනයේදී ද පනවා ඇති බව අවධාරණය කෙරේ.

************************

(පෙර පුව​ත 2023 ජුනි 30 පෙ.ව.11:14)

විදුලි ගාස්තු සංශෝධනය ගැන PUCSL අවසන් තීරණය අද

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය පිළිබඳව අද (30) දිනයේ තීරණයක් ගන්නා බව මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසයි.

එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පවසා ඇත්තේ අද දිනයේ රැස්වන කොමිෂන් සභාව ඒ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බවයි.

ජුලි 01දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු අඩු කිරීමට විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති අතර ඊට අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට උපයෝගීතා කොමිසම පියවර ගෙන තිබුණි.

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :

(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved