Connect with us

පුවත්

විදුලි බිල නැග්ගුවොත් අපනයන ක්ෂේත්‍රයේ රැකියා 50% ක් අනතුරේ !

Published

on

පසුගිය අගෝස්තුවේ 76%කින් වැඩි කළ විදුලි බිල ලබන ජනවාරියේ සිට යළි 60%කින් වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය ගෙන ඇති තීරණය හේතුවෙන් අපනයන ක්ෂේත්‍රයේ රැකියා 30% සිට 50% දක්වා ප්‍රමාණයක් අහිමි වනු ඇතැයි නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩාවැටීමට ලක්ව ඇති අතර මහා පරිමාණ කර්මාන්ත ශාලාද 30%කින් පමණ ඇණවුම් අවපාතයකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.

 පසුගිය මාස තුන ඇතුළත ඇඟලුම් අපනයනය සහ වෙනත් අපනයන 12%ත් 18%ත් අතර ප්‍රමාණයකින් අවම වී ඇති අතර යළි 60%කින් විදුලි බිල වැඩි වුවහොත් පසුගිය අගෝස්තුවේ වැඩි කළ විදුලිය බිලත් සමඟ එය 136%කින් ඉහළ යනු ඇත.

විදේශීය ආයෝජකයන්ට වෙනත් රටවල ශ්‍රී ලංකාවට වඩා ආකර්ශනීය ආයෝජන අවස්ථා පවතින හෙයින් ඔවුන්ට වෙනත් රටවල් කරා යා හැකි නමුදු දේශීය කර්මාන්තකරුවන්ට විදුලිය බිල වැඩිවීම කිසිදු ලෙසකින් දරාගැනීමට නොහැකි වනු ඇතැයි ද ප්‍රනාන්දු මහතා කියා සිටී.

විදුලි බිල වැඩි වුවහොත් සමස්ත අපනයන කර්මාන්තයම බිඳවැටෙන බව පෙන්වා දෙමින් ආයෝජකයන්ගේ සම්මේලනයේ සාමාජිකයන්, ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ සංගම් හා අනෙකුත් අපනයන සංගම් ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇති අතර, විදුලිබල ඇමැතිවරයා සහ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡාද පවත්වා තිබේ.

 අමාත්‍යවරයාගෙන් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති අතර. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ යළි විදුලි බිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් මේ වන  ඇතිවී නොමැති බවයි.

විදුලිබල මණ්ඩලයේ පවතින දූෂණ, අක්‍රමිකතා හා නාස්තිය අවම කර ගැනීමට කිසිදු පියවරක් නොගෙන යළි විදුලිය ගාස්තු වැඩි කිරීමෙන් රටේ අපනයන කර්මාන්තය සහමුලින්ම අඩාල වනු ඇතැයි ධම්මික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ විදුලි ගාස්තු සංශෝධන යෝජනා මෙතෙක් මහජන උපයෝගිතා කොමිසම වෙත ලැබී නොමැති අතර විවිධ උපකල්පන මත පාරිභෝගිකයන්ගෙන් විදුලිය ගාස්තු අය කළ නොහැකි බවයි.

මූලාශ්‍රය – දේශය

පුවත්

අදින් ඇරඹෙන “ප්‍රජා ශක්ති”

Published

on

By

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන අද ආරම්භ වෙයි.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ,  ප්‍රධාන අරමුණු තුනක් ඔස්සේ සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ  සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා එම වැඩපිලිවෙල තුළින් අපේක්ෂා කරන බවයි.

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ මෙරට ග්‍රාම නිලධාරී වසම් 14,000 ක ප්‍රජා සංවර්ධන සභා පිහිටුවීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේ ය.

ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, වැඩපිළිවෙළ අධීක්ෂණය ජාතික ප්‍රතිපත්ති සභාවක් මගින් සිදු කෙරෙන බවයි.

Continue Reading

පුවත්

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

Published

on

By

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

පුවත්

සිසුවෙකු පා පුවරුවෙන් ඇද වැටීමේ සිද්ධියට සිසු සැරියේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම්

Published

on

By

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පා පුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී රියදුරු හා කොන්දොස්තරගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇතැයි නිරීක්ෂණය වූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඊයේ (03) දින වාර්තා වූ මෙම සිද්ධිය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ඒ අනුව මෙම බස් රථයේ සේවය කළ රියදුරු මහතාගේ හා කොන්දොස්තර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් පියවර ගත් බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved