Connect with us

පුවත්

විදෙස් මුදල් ව්‍යාපෘති 179න් සාධනීය මට්ටමේ ඇත්තේ 31ක් විතරයි

Published

on

ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සලකා බලනු ලැබූ අවස්ථාවේදී  විදේශ මුදල් ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡාවට බඳුන් වූ අතර, එහිදී විදේශ මුදල් ව්‍යාපෘති 179ක් අතරින් සාධනීය මට්ටමක පවතින්නේ ව්‍යාපෘති 31 පමණක් බවට අනාවරණය විය.  

මේ පිළිබඳ විමසා බැලීම සිදු වූයේ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය 21දා රැස් වූ අවස්ථාවේදීය.

විදේශ අරමුදල් සපයනු ලබන ආයතන වලින් විදේශ මුදල් ව්‍යාපෘති සඳහා ආසන්න වශයෙන් රු. ට්‍රිලියන 2.6 මුදලක් ලැබී ඇති බවට මෙහිදී අනාවරණය වූ අතර මෙම ව්‍යාපෘති මගින් රටේ ප්‍රාග්ධන වියදම් සඳහා ලබා ගන්නා විදේශ ණය සහ ප්‍රදාන අදාළ ව්‍යාපෘති තුළින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නිසි ලෙස සැලසුම් ක්‍රියාත්මක නොකිරීම ඉතා කනගාටුදායක බව කාරක  සභාව පැවසීය.

මෙම ව්‍යාපෘති තුළින් අපේක්ෂිත අරමුණු ඉටුකර නොගන්නා බවත්, රටේ විදේශ ණය සිඝ්‍රයෙන් ඉහළ යන බවත්  කාරක සභව  පෙන්වා දෙන ලදී. අදාළ අමාත්‍යංශවල, එහි ක්‍රියාත්මක ආයතනමෙන්ම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවා ඇති  ව්‍යාපෘති  අධීක්‍ෂණ ඒකකවල දුර්වලතාවයන්  මේ සඳහා  හේතු වී ඇති බව  කරක සහව මෙහිදී  අවධාරණය කරන ලදී.

මෙහිදී, මේ සම්බන්ධයෙන් වාර්තාවක් මාසයක් ඇතුළත කාරක සභව වෙත ලබා දෙන ලෙස  නිලධාරීන් හට කාරක සභාව විසින්  උපදෙස්  ලබා දෙමින්  ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සඳහා අනුමති ලබා දෙන ලදී.

මෙහිදී  ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව ඇතුළු කාර්ය සාධන වාර්තා 4ක් සහ වාර්ෂික වාර්තා වාර්තා 3ක් ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලීම සිදු විය.

රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව,  ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව,  දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ කාර්ය සාධන වාර්තාව, වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ කාර්ය සාධන වාර්තාව ද මෙහිදී සලකා බලනු ලැබූ අතර ඒ සඳහා කාරක සභාවේ අනුමතිය හිමි විය.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved