Connect with us

පුවත්

විදේශිකයන්ට කටුනායක ඇරිය කවුන්ටරේට ආයුෂ මාසයයි!

Published

on

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ පහසුව සඳහා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් විවෘත කෙරුණු විශේෂ කවුන්ටරය මේ වන විට වසාදමා ඇති බව වාර්තා වේ.

අප්‍රේල් 24 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලද සංචාරක සංවර්ධන කමිටුවේ නිර්දේශ මත මෙම විශේෂ කවුන්ටර විවෘත කෙරුණු නමුත් එසේ විවෘත කර මාසයක් ගතවනවාත් සමග මෙම කවුන්ටර වසා දැමීමට තීරණය කිරීම පසුපස ඇත්තේ අදෘශ්‍ය හස්තයක් ඇති බවට ද සැක මතුව තිබේ.

ආගමන හා විගමන පාලක ජනරාල්වරයා විසින්ම ප්‍රසිද්ධියට පත් කර විවෘත කෙරුනු මෙම කවුන්ටර පූර්ව දැනුම්දීමකින් තොරව වසා දැමීම හමුවේ, විදෙස් සංචාරකයන්ට මෙරට කෙරෙහි ඇති විශ්වාසය ද පලුදු වී ඇති බව සංචාරක කර්මාන්තයේ නිරත පිරිස් කියති.

වසර කිහිපයකට පසුව යළි හිස ඔසවමින් ඇති සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයක් වෙනුවෙන් ගනු ලැබූ තීන්දු මේ ආකාරයෙන් සිදුවන විට තමන්ද බලවත් දුෂ්කරතාවකට පත්වන බව ඔවුන් පෙන්වා දෙයි.

එබැවින් ජනාධිපතිවරයාගේ නියමයෙන් පත්කළ කමිටුවක් හරහා සිදුකළ නිර්දේශ අත්තනෝමතික ආකාරයට නැවත හකුළුවන නිලධාරීන් කවුද යන්න සම්බන්ධව සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගත යුතු බවත් රටේ ආර්ථිකයට ඉමහත් දායකත්වයක් සපයන ක්ෂේත්‍ර සම්බන්ධව ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දු මේ ආකාරයට හකුළා දැමීමට ඉඩහැරීම නරක පූර්වාදර්ශයක් බවටද සංචාරක කර්මාන්තයේ නිරත පිරිස් අනතුරු අඟවා සිටිති.

පුවත්

කැඳ­වීම් කර තිබු­ණත්,  රාජිත-විමල් අල්ලස් කොමි­ස­මට ඇවිත් නෑ

Published

on

By

අල්ලස් කොමි­සම සිදු කරන විම­ර්ශ­න­යක් සඳහා ප්‍රකා­ශ­යක් ලබා දෙන ලෙස හිටපු ධීවර ඇමැති රාජිත සේනා­රත්න මහ­තාට දැනුම්දී තිබුණ ද අස­නීප තත්ත්ව­යක සිටින බව පව­ස­මින් ඊයේ (02) අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව හමු­වට පැමිණ තිබුණේ නැත.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘ­ති­යක් රජයේ ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලීන් උල්ලං­ඝ­නය කර­මින්, අත්ත­නෝ­ම­ති­කව සහ නීති විරෝ­ධීව කොරි­යානු සමා­ග­ම­කට දීමෙන් රජ­යට පාඩු­වක් සිදු කළ බවට ලද පැමි­ණි­ල්ලක් සම්බ­න්ධ­යෙන් සිදු කරන විම­ර්ශ­න­ය­කට අදා­ළව ඔහුට චෝදනා එල්ල වී තිබේ.

අල්ලස් කොමි­සමේ විශේෂ විම­ර්ශන ප්‍රධාන පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා විසින් ඊයේ උදෑ­සන 9ට ප්‍රකා­ශ­යක් ලබා දෙන ලෙස රාජිත සේනා­රත්න මහ­තාට ලිඛි­තව දැනුම්දී තිබුණු අතර ඔහු වෙනු­වෙන් ඔහුගේ නීති­ඥ­යකු උදෑ­සන කොමි­සම හමුවේ පැමිණ, සේනා­රත්න මහතා අස­නීප තත්ත්ව­යක සිටින බවට දැනුම දෙමින් විම­ර්ශ­න­යට සහ­භාගි විය නොහැකි බවට ලිපි­යක් භාර දී තිබේ.

එමෙන්ම හිටපු නිවාස හා ඉදි­කි­රීම් අමා­ත්‍ය­ව­රයා වන විමල් වීර­වංශ මහ­තාට ද අල්ලස් කොමි­සම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ඔහු අමා­ත්‍ය­ව­රයා ලෙස කට­යුතු කළ කාලය තුළදී ඇතැම් වෙළෙ­ඳ­සල් විකි­ණීම සිදු කරන විම­ර්ශන සම්බ­න්ධ­යෙන් ප්‍රකා­ශ­යක් දෙන ලෙස ඔහුට දැනුම් දී ඇත.

ඔහු ද ලබා දුන් දිනයේ පැමි­ණිය නොහැකි බව දන්වා දින­යක් ඉල්ලා ඇති බව වාර්තා විය.

මූලාශ්‍රය – දිනමිණ

Continue Reading

පුවත්

දෙවැනි වටයේ අභි­යා­චනා ඉදි­රි­පත් කිරීම අද සිට Online ක්‍රම­යට

Published

on

By

2024 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරී­ක්ෂ­ණයේ ප්‍රති­ඵල මත පාස­ල්වල 2025 වර්ෂයේ 6 ශ්‍රේණි­යට ඇතු­ළත් වීමේ දෙවැනි වටයේ අභි­යා­චනා ඉදි­රි­පත් කිරීම අද (03) සිට 17 වැනිදා දක්වා මාර්ග­ගත ක්‍රම­වේ­දය ඔස්සේ සිදු කළ හැකි බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි.

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ නිල වෙබ් අඩ­විය වන www.moe.gov.lk වෙත පිවිස උප­රිම පාසල් 3ක් සඳහා අභි­යා­චනා ඉදි­රි­පත් කිරීමේ හැකි­යාව පව­තියි. g6application.moe.gov.lk දිගුව ඔස්සේ ඍජු­වම අභි­යා­චනා යොමු කිරීමේ හැකි­යාව ඇත

Continue Reading

පුවත්

වැසි වාර කිහිපයක්

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved