මාර්ගගත ක්‍රමය ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමේ ක්‍රමවේදය අද (06) සිට ක්‍රියාත්මකය.
ඒ අනුව සඳහා www.immigration.gov.lk සබැඳිය ඔස්සේ පූර්ව ලියාපදිංචියක් සිදුකල යුතුය.
එදින සිට ලියාපදිංචි වන අයදුම්කරුවන්ගේ, අයදුම්පත් භාරගැනීම ආරම්භ වනුයේ 2024.12.04 වන බදාදා දින සිටයි.
ඒ අනුව 2024.12.03 වන අඟහරුවදා දින දක්වා මෙතෙක් පැවති ක්‍රමවේදය අනුව දින ලබාගත් අනුපිළිවෙලට ගමන් බලපත් අයදුම්පත් භාරදීමට හැකි වේ.
නව ගමන් බලපත් අයදුම්කරුවන්/දැනටමත් ගමන් බලපත්‍රක් හිමි/නැතිවු ගමන් බලපත් සඳහා ද නව ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි විය හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පූර්ව ලියාපදිංචි ක්‍රමවේදය එක් දින සේවය සහ සාමාන්‍ය සේවය යන දෙවර්ගය සඳහාම වලංගු වන බව සඳහන්ය.
ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම්කරුගේ වලංගු ජාතික හැඳුනුම්පත් අංකය හා වලංගු ජංගම දුරකථන අංකය අවශ්‍ය වන අතර ගමන් බලපත් අයදුම්පත් භාරදීමේදී එම ජාතික හැඳුනුම්පත් අංකය ඉල්ලුම්කරු සතු විය යුතුය.
6වයස අවුරුදු 16 අඩු දරුවන් ගමන් බලපත් ලබා ගැනීමට ලියාපදිංචි වීමේදී මවගේ හෝ පියාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කළ යුතු වේ.
මෙම අවශ්‍යතා සම්පූර්ණ කළ ඔබට, අදාළ අනුමත ඡායාරූපාගාරයකින් ලබා ගත් ඡායාරූපය ඇතුලත් රිසිට්පත සමඟ www.immigration.gov.lk වෙබ් අඩවියට ප්‍රවේශ වී “විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කර ගැනීම” යන අයිකනයට පිවිස එක් දින සේවය සහ සාමාන්‍ය සේවය සඳහා ලියාපදිංචිය සිදු කළ හැකිය.
ඔබගේ ලියාපදිංචිය සාර්ථක වුවහොත් අයදුම්පත ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ඔබට SMS පණිවුඩයක් හරහා දැනුම් දෙන බව සඳහන්ය.
අදාළ SMS පණිවුඩයට අනුව ඔබ විසින් තෝරා ගත් ස්ථානයට (ප්‍රධාන කාර්‍යාලය, මාතර, නුවර, කුරුණැගල හා වව්නියාව යන ප්‍රාදේශීය කාර්‍යාල) සහ දිනයට අයදුම්පත හා අදාළ සියළු ලියකියවිලි වල මුල් පිටපත් රැගෙන මධ්‍යහ්න 12.00 ට පෙර පැමිණීම අනිවාර්යය වේ.
එදිනට පැමිණීමට නොහැකි වන්නේ නම් ඔබට වෙන්කර ඇති අවස්ථාව අහිමි වන අතර වෙනත් දිනයක් සඳහා නැවත ලියාපදිංචි විය යුතුය.
දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමෙන් තොරව දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට ඔබට හැකියාවක් නොමැති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන්ය.