Connect with us

පුවත්

විදේශ ගමන් බලපත්‍ර සේවා සැපයීමේ ක්‍රියාවලියට විශ්‍රාමික පුහුණු නිලධාරීන්

Published

on

යෝජිත 24 පැය විදේශ ගමන් බලපත්‍ර සේවා සැපයීමේ ක්‍රියාවලියේදී සේවා මුර 03ක් යටතේ නිලධාරීන් සේවා සැපයීමේ නිරත වීමටත්, අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලයේ නිලධාරීන් රාජ්‍ය සේවය තුළින්ම සහ විශ්‍රාමික පුහුණු නිලධාරීන් යෙදවීම කෙරෙහිත් අවධානය යොමුව ඇති බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ඊයේ(07) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී සිදුවිය.

එහිදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ පැන නැගී ඇති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර යෝජිත 24 පැය සේවා සැපයීමේ ක්‍රියාවලිය සහ දිගුකාලීන විසඳුම් කෙරෙහි අවධානය යොමු විය.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටියේ පසුගිය සමයේ ගෙන තිබූ අදූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා පැන නැගී තිබූ අර්බුදකාරී තත්වය හේතුවෙන් ජනතාව දිවා රෑ පුරා දුක් විඳින බවත් එවැනි පීඩාවක් ජනතාවට ඇති නොවන පරිදි ජනතාවට සේවය කළ යුතු බවත්, ය.

මෙම අර්බුදයට පිළියම් ලෙස පසුගිය සතියේ විද්වත් කමිටු නිර්දේශ පරිදි දිනකදී නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩි කිරීමටත්, යාපනය ප්‍රදේශය තුළ නව ආගමන හා විගමන කාර්යාලයක් ආරම්භ කිරීමටත්, එම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කාර්යමණ්ඩල සපයා ගැනීම සඳහා වන අමාත්‍යමණ්ඩල තීරණය රාජ්‍ය සේවා කොමිසමට යොමුකර ඇති බවත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතිය නුදුරේදී ලබා ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජනතාව තුළ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාදයකින් තොරව ලබා ගත හැකි යැයි විශ්වාසය ඇති කළ යුතු බවත් එමඟින් මෙම අර්බුදය නිරාකරණය කළ හැකි බවත්ය.

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිනෙන ජනතාව ආරක්ෂාව සඳහාත්, ජනතාවට සහාය වීමටත් අලුතින් පොලිස් මුරපොලක් යෙදවීමට උපදෙස් ලබා දුන් බවත් හෙතෙම පැවසීය

මෙම අවස්ථාවේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට අමාත්‍යවරයා වෙත තම ගැටළු ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වූ අතර විදෙස්ගමන් බලපත්‍ර ලබා දීමේදී තමන්ට මතු වන ගැටලු පිලිබඳව මෙහිදී අදාල නිලධාරීන් විසින් අමාත්‍යවරයා දැනුවත් කළ අතර එම ගැටලු සඳහා අවශ්‍ය විසඳුම් ලබා දෙන බවද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

ජනතා අභිලාෂයන් නියෝජනය වන පරිදි රාජ්‍ය සේවය කාර්‍යක්ෂම කිරීම අපගේ අරමුණ වන බවත් නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් රටතුළ නීතිය හා සාමය සුරක්ෂිත කිරීම තම අරමුණ බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා, වැඩ බලන ආගමන හා විගමන පාලක ජෙනරාල් නිලූෂා බාලසූරිය මහත්මිය, සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි විය.

පුවත්

තීරුබදු අඩු කරගන්න බැරි වුණේ අහංකාරකම හින්දා

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවේ ආනයන සඳහා වන තීරුබදු සියයට 30කින් ඉහල නැංවීම රජයේ නියෝජිතයින්ගේ දුර්වල හා ආත්මාර්ථකාමී සාකච්ඡාවල ප්‍රතිඵලයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පෙළපොත් විශේෂඥයින්, සැබෑ ලෝකයේ සංකීර්ණ සාකච්ඡා සඳහා යොමුකිරීමේ අයහපත් ප්‍රතිඵල මින් පෙන්නුම් කෙරෙන බව විපක්ෂ නායකවරයා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

Continue Reading

පුවත්

ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන ළමුන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන

Published

on

By

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ ඒකාබද්ධ සැලැස්මක සංකල්පීය යෝජනාව සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන පිළිබඳව ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ඊයේ (09) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා විසින් මෙලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. මෙම වැඩසටහන, ඊට අදාළ රේඛීය අමාත්‍යාංශ සහ ආයතන මගින් ක්‍රියාත්මක කෙරෙන අතර ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරේ.

මෙහිදී, මෙවර අයවැයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට වෙන් කර තිබෙන රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන සමාජසේවා දෙපාර්තමේන්තුව මගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දීම, එම දිවා සුරැකුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම, මෙම වැඩසටහන අදාළ රේඛීය ආයතන සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට විද්‍යාත්මක පසුබිමක් සහිත නව මොඩලයක් සකස් කිරීම ඇතුළු කරුණු පිළිබඳව සාකච්ඡා විය. එම කරුණුවලින් සමන්විත යාන්ත්‍රණයක් සකස් කිරීමේ සංකල්පීය යෝජනාව සති දෙකක් ඇතුළත සකස් කරන ලෙසට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා එහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, අතිරේක ලේකම්  එච්.ඒ.හේමා පෙරේරා,  සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වරුණි රසාදරි, ප්‍රජා සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආසිරි හේවාමාලගේ සහ රිජ්වේ ආර්යා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සංතුශිත සේනාධිපති යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා ගැනීම තාවකාලිකව නතර කරයි

Published

on

By

හැටන් – සිංගිමලේ ජාලාශයෙන් ජලය ලබා ගැනීම ජල සම්පාදන මණ්ඩලය විසින් තාවකාලිකව නතර කර තිබේ.

ඒ සිංගිමලේ ජලාශයට පාසල් සිසුවෙකු වැටී ජීවිතක්ෂයට පත්වීමත් සමගය.

එම සිද්ධියෙන් පසු අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුලු පිරිසක් අද එම ජලාශ පරීක්ෂාවක යෙදී ඇති බව සඳහන්ය.

අනතුරුව සිදුකළ පරික්ෂාවකදී අනාවරණය වී ඇත්තේ දැනට සිංගිමලේ ජලාශයේ ජලය පානය සදහා සුදුසු නොවන බවටය.

එතෙක් වෙනත් ජල මූලාශ්‍රයකින් ජලය ලබා ගෙන පිරිපහදු කොට පාරිභෝගිකයන්ට සීමා සහිතව පානීය ජලය නිකුත් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.

පසුගිය 09 වනදා සිංගිමලේ ජලාශයට වැටීමෙන් 18 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved