Connect with us

පුවත්

විධිමත් නගර සැලසුම් තුළින් ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත්කළ හැකියි

Published

on

සාම්ප්‍රදායික ඉදිකිරීම්වලින් ඔබ්බට ගිය විධිමත් නගර සැලසුම් තුළින් ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කළ හැකි බව ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (05) පැවැති සාකච්ඡාවට එක් වෙමිනි.

නගර සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලාංකේය අනන්‍යතාව පිළිඹිබු වන අයුරින් එම සැලසුම් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 

නගර පමණක් නොව ගමද සංවර්ධනය කර ග්‍රාමීය ආර්ථිකය කේන්ද්‍ර කර ගනිමින් රටේ ආර්ථිකය ඉහළ නැංවීම සඳහා වූ රජයේ වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර එම සංවර්ධන ක්‍රියාවලියේදී ග්‍රාමීය සංස්කෘතිය හා ජන ජීවිතයේ අනන්‍යතා සුරක්ෂිත කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න යන මහත්වරුන්ද, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ආර්. රුචිර විතාන මහතා ඇතුළු ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන් වර්ජනය අත්හිටුවයි

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල්කරගමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අද (22) දිනයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මේ බව පැවසීය.

ස්‍යෙඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන සෞඛ්‍ය ලේකම්වරිය සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව අද (22) දවසේ සාමාන්‍ය පරිදි සේවා කටයුතු සිදුවන බව එම බලමණ්ඩලය පැවසීය.

තම ගැටලු සම්බන්ධයෙන් පසුගිය මාස දෙකක පමණ සිට සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටියද, සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට අවස්ථාවක් ලබා නොදුන් බව පවසමින් මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දුරගමන් සේවා බස්රථ සඳහා ඉංජිනේරු වාර්තාවක් අනිවාර්යයි

Published

on

By

දුරගමන් සේවා බස්රථ සඳහා ඉංජිනේරු වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

දුරගමන් සේවා බස් රථ වලින් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා වන එක් පියවරක් ලෙස මෙම තීරණයට එළෙඹි අතර කිලෝමීටර් 100ට වැඩි ගමන්වාරයක් හිමි සියලු බස් රථ එම වාර්තාව ලබාගත යුතුය.

ඒ අනුව එළඹෙන අගෝස්තු 01වනදා සිට එම ඉංජිනේරු වාර්තාව ලබාගැනීම අනිවාර්ය බව ඊයේ (21)  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේය.

මේ අතර මගී බස් රථ සඳහා අගොස්තු 01වනදා සිට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍ර භාවිතා කිරීම ද අනිවාර්ය කරන බව ද අමාත්‍යවරයා සඳහන් කලේය.

එම මාධ්‍ය හමුවට එක්වු රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ මගී බස් රථවල සවිකර ඇති අමතර උපාංග සම්බන්ධයෙන් ජුලි පළමුවනදා සිට නීත්‍යානුකූලව කටයුතු කරන බවය

Continue Reading

පුවත්

පළාත් කිහිපයකට තද වැසි

Published

on

By

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති අතර බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරයි.

ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30–40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved