Connect with us

පුවත්

විපක්ෂයටත් සභාපති කමක්

Published

on

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර තිබෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නැතිනම් පක්ෂ නායක රැස්වීම සම්බන්ධයෙන් අද (6) පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පවසා සිටියේය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ සභානායක බිමල් රත්නායක මහතා,

“රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට අපි තීන්දු කර තිබෙනවා. ඒක ඔබතුමාලා ඉල්ලපු දෙයක් නෙමෙයි. ඒ වගේම රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සාමාජික සංඛ්‍යාව වැඩිකරලා තිබෙනවා ස්ථාවර නියෝගවලට වඩා වැඩියෙන්. කෝප් කමිටුවේ (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) සභාපතිකම අපි කිව්වා ඒක ආණ්ඩු පක්ෂයට අවශ්‍යයි කියලා. පළමු කාලයේදී පරීක්ෂා කරන්න වෙන්නෙ පසුගිය ආණ්ඩුවේ දේවල්. අපි කැමති නැහැ ඒ ආණ්ඩුවේ ඇමති කෙනෙක් ඇවිල්ලා කෝප් එකේ සභාපති වෙනවට. ඒක සදාචාර සම්පන්න නෑ”.

මේ අතර අද උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භකළ අවස්ථාවේදී සභානායක වරයා පවසා සිටියේ ආංශික කාරක සභාව පත්කිරීමට ජනවාරි මස 31 දක්වා කාලය ලබාගෙන තිබෙන බවය.

එමෙන්ම මුදල් කාරක සභාව පත්කිරීම පිළිබඳ තීරණයක් අද පස්වරුවේ ගැනීමට තීරණය කර තිබෙන බවද පවසා සිටියේය.

මේ අතර ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යංශය, මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යංශ, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශය ඇතුළු අමාත්‍යාංශ උපදේශක කාරක සභා 24ක් පත්කළ යුතුව ඇති බවත් ඔහු මෙහිදී පැවසුවේය.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved