Connect with us

පුවත්

‘මාර්තු 21න් පසු නාමයෝජනා කැඳවන්න'(UPDATE)

Published

on

මාර්තු 21 වනදා පැවැත්වෙන අයවැය අවසාන ඡන්ද විමසීමෙන් පසුව මැතිවරණය කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් අද (18) මැතිවරණ කොමිසන් සභාවේ නියෝජිතයින් හමුවීමට පැමිණි අවස්ථාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේය.

“විශේෂයෙන්ම අවධාරණය කළේ මේ අයවැය ක්‍රියාදාමය තුළ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 66ක් සහ පක්ෂ රාශියක් ඇති බවත් ඒ කාලවකවානුව තුළදී ව්‍යවස්ථාදායකයේ කාර්ය භාරය ඉටුකරන්නට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අපි බැඳිලා ඉන්නවා. මාර්තු 21න් පසුව මේ මැතිවරණ වැඩසටහනට යොමුවන්න කියන කාරණය මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළේ. මාර්තු 21 වනදාට අයවැය අවසාන ඡන්දය පාර්ලිමේන්තුවේ. ඒක අවසන් වුණ වාහාම මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කරන්න. ඔන්න ඔය ඉල්ලීම ඉදිරිපත් කරන් අපි කොමිසමට පැමිණියේ.”  

මේ අතර පාර්ලිමේන්තුවේ දී ඊයේ සම්මත වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය ලබාදීමත් සමඟ එය 2025 අංක 1 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත ලෙස බලාත්මක වු බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

මෙම නව පනත සම්මත වීමත් සමඟ මැතිවරණ කොමිසන් සභාව විසින් නාමයෝජනා කැඳවිමේ දිනය ප්‍රකාශ කළ යුතු අතර එම දිනය අදාළ පනත සම්මත වී මාස 3කට පෙර දිනයක් විය යුතුය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබදව තීරණය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ අදාළ පනත අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දින වකවානු සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බවය.

(පෙර පුවත 2025 පෙබරවාරි 18 පෙ.ව.9.57)


විපක්ෂය අද මැතිවරණ කොමිසමට

පළාත් පාලන ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලු සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් අද (18) මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණීමට නියමිතව තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.

කෙටුම්පත දෙවන වර සහ තුන්වන වර කියවීමේදී විපක්ෂව කිසිදු මන්ත්‍රීවරයකු ඡන්දය ලබා නොදුන් අතර කිසිවකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේද නැත.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පත සංශෝධන රහිතව විශේෂ බහුතර සම්මත වූ බව කතානායකවරයා සභාවට දැනුම් දුන්නේය.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved