Connect with us

පුවත්

විභාග ප්‍රතිඵල වෙනස්කරල පොලිසියට බැඳුන කොස්තාපල්ට ඇප !

Published

on

ව්‍යාජ අධ්‍යාපන සහතිකයක් ඉදිරිපත් කර පොලිස් සේවයට එක්ව සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයකුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මඟින් පෙරේදා (13) අත්අඩංගුවට ගෙන තිබේ.

චාවකච්චේරිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇත.

මේ නිලධාරියා පොලිස් සේවයට එක්ව ඇත්තේ 2020 වසරේදීය.

සේවයට බැඳීමේදී අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සඳහා ගණිතය විෂය අසමත්ව තිබී ඇති බවත් විභාග සහතිකයේ ඔහු ගණිතය සමත් බවට වෙනස් කරමින් පොලිසියට බැඳී ඇති බවත් වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

මේ පොලිස් නිලධාරියා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ 2012 වසරේදීය.

ඔහුගේ අධ්‍යාපන සහතික ව්‍යාජ බව අනාවරණය වන විට ඔහු සේවයේ නිරතව සිට ඇත්තේ වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්තවය.

අධ්‍යාපන සහතිකය ව්‍යාජ බව අනාවරණය වීමත් සමඟ ඔහු ඉකුත් ජුනි මාසයේ සිට පොලිස් සේවයට වාර්තා කර නැති බවද සඳහන්ය.

ඒ හේතුව මත ජුනි 23 වැනිදා සිට තනතුර අතහැර යෑමේ නියෝගයක් පවා ඔහුට එරෙහිව නිකුත් කර තිබී ඇත.

පුවත්

ශ්‍රී ලංකා – චීන ද්විපාර්ශවික ප්‍රකාශය අද සවසට

Published

on

By

ජනාධිපතිවරයාගේ රාජ්‍ය සංචාරයට අදාළ ද්වීපාර්ශවිය ඒකාබද්ධ ප්‍රකාශය අද (16) පස්වරුවේ නිකුත් කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය නායකයින් සාකච්ඡාවට ලක් කළ කරුණු සහ දෙරට අතර ආර්ථික, සමාජයිය හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළව අත්සන් කළ අවබෝධතා ගිවිසුම් පිළිබඳ තොරතුරු එම ඒකාබද්ධ ප්‍රකාශය තුළ අන්තර්ගත වන බව එහි මාධ්‍ය ප්‍රකාශක නිලූක කඳුරුගමුව මහතා මාධ්‍යට පවසා ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර නිල හමුව ඊයේ පස්වරුවේ චීන මහජන ශාලාවේදී සිදුවිය.

ජනාධිපතිවරයාගේ සිව්දින රාජ්‍ය සංචාරය හෙටින් අවසන් වනු ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පළාත් කිහිපයකට ගිගිරුම් සහිත වැසි

Published

on

By

උතුරු-මැද, නැගෙනහිර,  ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්,  නැගෙනහිර පළාතේත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරනු ලබයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Continue Reading

පුවත්

ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

Published

on

By

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතා ඇතුළු සිලෝන් නිව්ස් පේපර්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (15) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, සිලෝන් නිව්ස් පේපර්ස් සමාගම විසින් ගොනු කළ රීට් පෙත්සමක් අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

අදාළ පෙත්සමෙන් දක්වා ඇත්තේ පෙත්සම්කාර සමාගම විසින් පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසී ලබා ගැනීම සඳහා වගඋත්තරකාර කේසර ලංකා පුද්ගලික සමාගම සමඟ ගිවිසුමක් ඇති කරගෙන තිබෙන බවත් පෙත්සම්කාර සමාගමේ අධ්‍යක්ෂවරයකු වන හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතාට අමාත්‍ය ධූරය අහිමිවීමෙන් පසුව වගඋත්තරකාර කේසර ලංකා සමාගම අදාල ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමට කටයුතු කළ බවත් පසුව මෙම වගඋත්තරකාර සමාගම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ බවත් ය.

මෙම තත්වය හමුවේ පෙත්සම්කාර සමාගමේ අධ්‍යක්ෂවරු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

පෙත්සම සලකා බැලූ විනිසුරු මඬුල්ල විසින් ජනවාරි 21 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලදී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved