Connect with us

පුවත්

විමල්ගේ සඳේ ගින්දර එළිදකී

Published

on

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා 1988/89 කාලවකවානුවේ සිය ජීවන අත්දැකීම් ද  අලළා රචනා කළ “සඳේ ගින්දර” නම් නවකථාව ඊයේ (07) එළිදැක්විය.

ඒ, බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතනයේදීය.

මෙම අවස්ථාවට එක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලී මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සහ කැලණි විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිමා නිශ්ශංක මහත්මිය යන විද්වතුන් මෙම කෘතිය පිළිබඳව විචාරාත්මක දේශන දෙකක් සිදු කල අතර 

සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර නාහිමියන්, කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිපාණන්, අමරපුර සිරි සද්ධර්ම මහානිකායේ අනුනායක දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ නායක පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන්, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉත්තෑදෙමළියේ ඉන්ද්‍රසාර නාහිමිපාණන්, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමිපාණන්, පූජ්‍ය අක්මීමන දයාරතන හිමිපාණන්, පූජ්‍ය පදනංගල ධම්මදේව හිමිපාණන්, පූජ්‍ය තීනියාවල පාලිත හිමිපාණන් ප්‍රධාන වන්දනීය පූජනීය මහා සංඝරත්නයද, 

රුසියා සහ චීන තානාපති කාර්යාල නියෝජනය කරමින් තානාපති කාර්යාල නිලධාරීන්ද, ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර ප්‍රමුඛ විද්වතුන්ද, ලාල් කුලරත්න, අජිත් ලොකුගේ  කලාකරුවෝද,

හිටපු අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, ටිරාන් අලස්, උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ජී වීරසිංහ යන මහත්වරුන් ප්‍රධාන දේශපාලන නායකයින්ද, මෙම අවස්ථාවට එකව සිටියහ.

එහිදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, 

“මම දන්නේ නැහැ මේ කෘතිය මොනවගේ ශානරයට අයිති එකක්ද කියලා එහෙම හිතන්න මට ඕන කමකුත් තිබුණේ නැහැ, මට ඕන වුණේ මේ වේදනාකාරී, ධෛර්යසම්පන්න අත්දැකීම් සම්භාරය වෙනත් ආඛ්‍යානයකින් වර්තමාන පරම්පරාවට තිළිණ කරන්න.”

පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන් වර්ජනය අත්හිටුවයි

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල්කරගමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අද (22) දිනයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මේ බව පැවසීය.

ස්‍යෙඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන සෞඛ්‍ය ලේකම්වරිය සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව අද (22) දවසේ සාමාන්‍ය පරිදි සේවා කටයුතු සිදුවන බව එම බලමණ්ඩලය පැවසීය.

තම ගැටලු සම්බන්ධයෙන් පසුගිය මාස දෙකක පමණ සිට සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටියද, සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට අවස්ථාවක් ලබා නොදුන් බව පවසමින් මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දුරගමන් සේවා බස්රථ සඳහා ඉංජිනේරු වාර්තාවක් අනිවාර්යයි

Published

on

By

දුරගමන් සේවා බස්රථ සඳහා ඉංජිනේරු වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

දුරගමන් සේවා බස් රථ වලින් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා වන එක් පියවරක් ලෙස මෙම තීරණයට එළෙඹි අතර කිලෝමීටර් 100ට වැඩි ගමන්වාරයක් හිමි සියලු බස් රථ එම වාර්තාව ලබාගත යුතුය.

ඒ අනුව එළඹෙන අගෝස්තු 01වනදා සිට එම ඉංජිනේරු වාර්තාව ලබාගැනීම අනිවාර්ය බව ඊයේ (21)  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේය.

මේ අතර මගී බස් රථ සඳහා අගොස්තු 01වනදා සිට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍ර භාවිතා කිරීම ද අනිවාර්ය කරන බව ද අමාත්‍යවරයා සඳහන් කලේය.

එම මාධ්‍ය හමුවට එක්වු රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ මගී බස් රථවල සවිකර ඇති අමතර උපාංග සම්බන්ධයෙන් ජුලි පළමුවනදා සිට නීත්‍යානුකූලව කටයුතු කරන බවය

Continue Reading

පුවත්

පළාත් කිහිපයකට තද වැසි

Published

on

By

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති අතර බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරයි.

ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30–40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved