පුවත්

විමල් වීරවංශට එරෙහි නඩුව කල් යයි

Published

on

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුවක වැඩිදුර විභාගය ලබන මස 25 වනදා දක්වා කල් තැබීම සිදුවිය.

2016 වසරේ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා දිවයිනට පැමිණි අවස්ථාවේ කොළඹ ජගත් සංවිධාන කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කිරීමින් උද්ඝෝෂණය කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවය.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ අද (28) කැඳවීය.

නඩුවේ පළමු විත්තිකරු වන විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ අද (28) පෙනී සිටියේ නැත.

ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බව ඔහුගේ නීතිඥවරයා පැවසුවේය.

ඒ අනුව නඩුව ලබන මස 25 වනදාට කල්තැබූ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස ද දැනුම් දුන්නේය.

Trending

Exit mobile version