Connect with us

පුවත්

වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින් ගැන පොලිස් විමර්ශන

Published

on

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව වියදම් වාර්තා භාරනොදුන් අපේක්ෂකයින් ඇතුළු පිරිස් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා සඳහන් කර ඇත්තේ එක් එක් පළාත්වල සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමග සාකච්ඡා කර මෙම විමර්ශන ආරම්භ කිරීම සිදු කරන බවය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව මේ වනතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා පියවර ගෙන තිබුණි.

එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ, ඒ අනුව පොලිසිය ඒ සම්බන්ධයෙන් නීතීමය පියවර ගනු ඇති බවය.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව වියදම් වාර්තා භාරනොදුන් අපේක්ෂකයින් ඇතුළු 1040 දෙනෙකුට එරෙහිව මෙලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලිසියට කරුනු වාර්තා කරන ලදී.

 එම පිරිස අතරට අපේක්ෂකයින් 900කට අධික පිරිසක් පක්ෂ කිහිපයක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද ඇතුළත් බව සඳහන්ය.

වියදම්  වාර්තා ලබානොදීම මත යම් අපේක්ෂකයෙකුට නඩු පැවරුවහොත් එම අපේක්ෂකයාට පළාත් සභා හෝ පළාත් පාලන ඡන්ද විමසීමක අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට හැකියාවක් නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව වියදම් වාර්තා ලබාදීමේ කාලසීමාව පසුගිය 6 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved