Connect with us

පුවත්

විරෝධතාවට ආ 3ක් අල්ලයි; පොලිසියේ 8000ක් නොමඟ යවයි!

Published

on

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා බහුජන සිවිල් සංවිධාන විසින් ඊයේ (16) කොළඹ පැවැත්වූ උද්ඝෝෂණයට එක්වූ පුද්ගලයන් අතරින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.

අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණ පැවැත්වීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතරින් දෙදෙනෙක් කොල්ලුපිටිය පොලීසිය වෙතත් තවත් සැකකරුවෙක් කුරුඳුවත්ත පොලීසිය වෙතත් ඉදිරිපත් කර තිබේ.

කෙසේවුවද, මෙම උද්ඝොෂණයට අදාළ පා ගමන පාලනය කිරීමට ඊයේ (16) පොලිසිය හා බුද්ධි අංශ ඇතුළුව අටදහසක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබුණද, එය සංවිධානය කළ පිරිස් ඔවුන් මඟහරිමින් නෙළුම් පොකුණ දක්වාම ගමන්කර තිබිණි.

ඔවුන් ආරක්ෂක අංශ නොමඟ යවමින් උද්ඝෝෂණයේ අවසානය සැලැසුම් කළ ප්‍රදේශයට ළඟාවනතුරුම පොලිසියට එය වලක්වාගැනීමට නොහැකිව ඇතැයි ද මේ අතර වාර්තා වේ.

පුවත්

දින 06 ඇතුළත විදුලිය බිඳවැටීම් ගැන මණ්ඩලය කියයි

Published

on

By

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉකුත් දින 06 ඇතුළත විදුලිය බිඳවැටීමේ සිද්ධීන් 61,000ක් වාර්තා වූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එමෙන්ම පාරිභෝගිකයින් හාරලක්ෂ 67,500කට අධික පිරිසකට ඉකුත් දින 06 තුළ විදුලිය විසන්ධි වීමේ සිද්ධීන් වාර්තා වී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේනදයේ වැඩිදුරටත් දැක්වෙන්නේ විදුලිය බිඳවැටීම් 61,000 අතරින් 26,700ක් මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවත් විදුලිය විසන්ධි වුණ පිරිස අතරින් හාරලක්ෂ 25,500කට පමණ නැවත විදුලි සබඳතා ලබා දී ඇති බවය.

Continue Reading

පුවත්

පීඩාවට පත් පිරිසට සහන සළසන්න ත්‍රිවිධ හමුදාව එක්වෙයි

Published

on

By

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තවදුරටත් පුද්ගලයින් 44,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් 1,000කට ආසන්න ප්‍රමාණයක් රක්ෂිත ස්ථානවල රඳවා සිටින බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කලේ හදිසි අවස්ථාවකදී ක්‍රියාකිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සූදානම් කර ඇති බවය.

Continue Reading

පුවත්

“අපේ ආණ්ඩුවේ මුදල් ඇමති හර්ෂ”

Published

on

By

ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටුව සමඟ සසඳා බැලීමේදී සමගි ජනබලවේගය නියෝජනය කරන ආර්ථික කමිටුවේ සාමාජිකයින් ජාත්‍යන්තරය පාවා පිළිගන්නා වියතුන් සහ වෘත්තිකයින් බව එම පක්ෂයේ ප්‍රධාන විධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

අජිත් පී. පෙරේරා මහතා පෙන්වා දෙන්නේ තම පක්ෂයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් සමගි ජනබලවේගය පක්ෂයේ ආර්ථික කමිටුව නියෝජනය කරන බවය.

මෑතකදී සමගි ජනබලවේගය සමඟ එක්වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙතෙක් එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බවද ඔහු මෙහිදී සඳහන් කර තිබුණි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ මුදල් අමාත්‍ය ධුරයට පත් කෙරෙන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා බවයි.

සමගි ජනබලවේගය සමඟ විවාද කිරීමට පැමිණෙන බව පවසන ජාතික ජනබලවේගය පක්ෂයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු පිරිසට මෙතෙක් ආර්ථිකය සම්බන්ධ පොදු ප්‍රතිපත්තියක් නොමැති බවද අජිත් පී. පෙරේරා මහතා මෙහිදී සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved