Connect with us

පුවත්

විලංගු දමා මහමග කතකට පහරදුන් සැරයන් රිමාන්ඩ්

Published

on

කාන්තාවකට අත්විලංගු දමා ලේ වැගිරෙන තුරු පහරදෙමින් වත්තල ප්‍රධාන මාර්ගය දිගේ ඇදගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වත්තල පොලීසිය අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ලබන 20 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහෙස්ත‍්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද නියම කළේය.

සැකකාර පොලිස් සැරයන්වරයාට ඇපදීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට වත්තල පොලීසිය වාර්තාවක් මඟින් දැනුම් දී තිබුණත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිසියට කාලය අවශ්‍ය බව පෙන්වා දෙමින් සැකකරු රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

පොලිස් නිලධාරියකු වශයෙන් රාජකාරි කරමින් සැකකරු කළ ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බව පවසමින් මෙලෙස රිමින්ඞ් බාරයට පත් කරන ලද්දේ ජාඇල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන වටරැක පාදුක්කේ පදිංචි සැරයන් 42440 විතානගේ අජිත් නමැත්තාය.

මහදවල් දෙනොදසක් බලා සිටියදී වත්තල හැඳල හන්දිය ආසන්න ප්‍රදේශයේදී කාන්තාවකට ලේ වැගිරෙනතුරු පහරදෙමින් ඇයට අත්විලංගු දමා මීගවුව – කොළඹ ප්‍රධාන මාර්ගය දිගේ ඇදගෙන ගියේ යැයි කියන සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුට ගත් බව කියමින් සිිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් වත්තල පොලීසිය විසිින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

(ලංකාදීප)

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved