Connect with us

පුවත්

වෛද්‍යවරුන්ගේ විදෙස් නිවාඩු අනුමැතිය ගැන තීරණයක් නෑ – ඇමති (Update)

Published

on

වෛද්‍යවරුන් සඳහා විදෙස් නිවාඩු අනුමත නොකර සිටීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

වෛද්‍යවරුන්ගේ විදෙස් නිවාඩු අනුමත නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණයක් ගෙන ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් “අද දෙරණ” කළ විමසීමක දී අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

කෙසේ වෙතත් අමාත්‍යවරයා සඳහන් කළේ, පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ මෙරට තුළ රඳවා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය.

මේ අතර අද (16) පැවති මාධ්‍ය හමුවක දී සීමා පැනවීමට පෙර වෛද්‍යවරුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට රජය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේය.

————————————–

(පෙර පුවත : 2023 අගෝස්තු 16 ප.ව. 12:07)

විශේෂඥ වෛද්‍යවරුන්ට විදෙස්ගතවීමට නිවාඩු අනුමත නොකරන්න යයි

නිර්වින්දන වෛද්‍යවරුන් ඇතුළු දැනට සීමිත සංඛ්‍යාවක් පමණක් සිටින විශේෂඥ වෛද්‍යවරුන්ට විදේශ ගතවීම සඳහා මින් ඉදිරියට නිවාඩු අනුමත නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එහි ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, සෞඛ්‍ය සේවයේ වෛද්‍ය හිඟය දැඩිව පවතින ක්ෂේත්‍ර කිහිපයක් මේ වනවිට හඳුනා ගෙන ඇති බවයි.

යම් හෙයකින් අමාත්‍යාංශයට නොදන්වා ඔවුන් විදේශගත වුවහොත් සේවයෙන් නෙරපා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

ඇතැම් ක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන් මෙරට සිටින්නේ ඉතා සීමිත සංඛ්‍යාවකි.

පසුගිය කාලයේ එවැනි වෛද්‍යවරුන් විදේශගත විම හේතුවෙන් මෙරට සෞඛ්‍ය සේවාවේ අර්බුද රැසක් හට ගැණුනි.

ලේකම්වරයා ප්‍රකාශ කළේ, වි‍ශේෂඥ පුහුණුව සඳහා වෛද්‍යවරුන් 600 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට විදේශ ගතව ඇති බවයි.

ඉන් 300 ක් පමණ මේ වසරේ දිවයිනට පැමිණිමට නියමිතව ඇත.

ඔවුන් පැමිණි පසු එක් එක් ක්ෂේත්‍රවල දැනට පවතින විශේෂඥ හිඟය යම් තාක් දුරකට සමනය වනු ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කළේ, පසුගිය මැයි 31 න් අවසන් වූ වසරක කාලසීමාව තුළ විශේෂඥ වෛද්‍යවරුන් 274 දෙනෙකු රට හැර ගොස් ඇති බවයි.

එම කාලසීමාව තුළ ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් 842 දෙනෙකු ද රටහැර ගොස් ඇති බව එම සංගමය ප්‍රකාශ කළේ ය.

(නිවුස්රේඩියෝ)

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩඉිරි සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved