Connect with us

පුවත්

“වෘත්තීය සමිති විසුරුවනවා”

Published

on

ඉදිරි පාර්ලිමේන්තු‌ මැතිවරණයෙන් පසු මෙරට මුහුණ දෙන අමිහිරි වැඩවර්ජන අත්දැකීම් අවසන් කරන බව ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි.

එහි පළමු පියවර ලෙස තම පක්ෂයට අයත් වෘත්තීය සමිති විසුරුවා හරින බව ඔහු වැඩිදුරටත් කියා සිටින්නේය.

“අපේ රටේ බොහොම අමිහිරි අත්දැකීම් තියෙන්නේ. ළමයා ඉස්කෝලෙ යනවා..දවසක් ගුරුවරු ස්ට්‍රයික්, තව දවසක් විදුහල්පති ස්ට්‍රයික්, තව දවසක් අනධ්‍යන කාර්යය මණ්ඩලය ස්ට්‍රයික්, ඉස්පිරිතාලෙට යනවා බේත් ගන්න..එක දවසක් ඩොක්ටර්ස්ලා ස්ට්‍රයික්, තව දවසක් නර්ස්ලා, තව දවසක් ඇටෙන්ඩන්ට්ලා. එක දවසක් පාරට බැස්සම…ලංගම බස් ස්ට්‍රයික්, අනෙක් දවසේ පාරට බැස්සම ප්‍රයිවට් බස් ස්ට්‍රයික්… මොනවගේ ඉතිහාසයක්ද තියෙන්නේ.

අද මම කිව්වයි කියලා හිතා තියාගන්න. ඒ ස්ට්‍රයික් ඉතිහාසය නැතිවෙනවා ඉස්සරහට. කාට විරුද්ධවද ස්ට්‍රයික් කරන්නේ. ආණ්ඩුවත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවානම් කථාකරලා බේරගන්න.

අද උපදින දරුවන්ට තව අවුරුදු 10ක් 15ක් යනකොට ඒ ළමයිට කියලා දෙන්න වෙනවා…පුතේ ස්ට්‍රයික් එකක් කියන්නේ මේකයි කියලා. ඇඳිරිනීතිය කියලා දෙන්න වෙනවා පුතේ…ඇඳිරිනීතිය කියන්නේ මේකයි කියලා. ඒ කිසිත් නැති හොඳ රටක් මේ නිර්මාණය කරන්නේ. බලන්නකො බොරුද කියලා. මේ තියෙන්නේ සංක්‍රාන්ති කාලයක්. මේ සංක්‍රාන්ති කාලය අවසන් වෙනවා නොවැම්බර් 14න් පස්සේ”

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved