Connect with us

පුවත්

වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතයෙන් කෑල්ලක් බහු ජාතික සමාගමකට

Published

on

මෙරට විශාලතම කඩොලාන තෙත් බිම ලෙස සැලකෙන මන්නාරම, වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතයේ විශාල භූමි ප්‍රදේශයක් ජාතික ජලජීවි සංවර්ධන අධිකාරිය විසින් බහුජාතික සමාගමකට ලබාදීමට සැලසුම් සකස් කරමින් පවතින බවට පරිසරවේදීහු චෝදනා කරති.

ඉකුත් 2016 වසරේදී ස්වභාව රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද මෙම වෙඩිතලතිව් තෙත්බිම හෙක්ටයාර් 29,180ක භූමි ප්‍රදේශයක් පුරා විහිදී ඇත.

වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතයක් ලෙස 2016 වසරේදී නිකුත් කරන ලද 1956/13 ගැසට් නිවේදනය අවලංගු කර එය ජලජීවි වගාව සඳහා යොදා ගැනීමේ සුදානමක් පවතින බව රේගු ජෛව විවිධත්ව ඒකකයේ හිටපු ප්‍රධානි, හිටපු රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා කියයි.

ඒ මහතා වනජීවි හා සොබාරක්ෂක සංගමයේ (Wild life and nature protection society) විසින් කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පෙරේදා (06) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව කීය.

මෙම ගැසට් නිවේදනය අවලංගු කිරීම සඳහා ජලජීවි සංවර්ධන අධිකාරිය 2017 වසරේදී ද යෝජනාවක් ගෙනා බවත්, ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරන ලද තාක්ෂණ උපදේශන කමිටුව 2019 වසරේදී යෝජනා කර සිටියේ මෙම පරිසර පද්ධතිය ආරක්ෂිත තත්ත්වයෙන් ඉවත් නොකරන ලෙස යැයිද සමන්ත ගුණසේකර මහතා පැවැසුවේය.

උරග විශේෂඥ මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා එහිදී කියා සිටියේ නව සර්ප විශේෂ හයක් සහ දුර්ලභ සර්ප විශේෂ දෙකක් මෙම පරිසර පද්ධතියේ ජීවත් වන බවයි.

සත්ත්ව විද්‍යාඥයෙකු වන පී. ඊ. පී. දැරණියල විසින් 1941 වසරේදී සොයා ගන්නා ලද උරග විශේෂයක්, එම වර්ෂයෙන් පසුව යළි වාර්තා වූයේ මෙම ස්වභාවික පරිසර පද්ධතියෙන් බවත්, හඳුනා නොගත් සත්ත්ව විශේෂ කීපයක්ම මෙම පරිසරයේ සිටින බවත් මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා පැවසීය.

දිවයිනේ වෙනත් ප්‍රදේශවලින් වාර්තා නොවූ කුඩා පිඹුරු විශේෂයක්ද වෙඩිතලතිව්වලින් වාර්තා වන බව ඔහු සඳහන් කළේය.

මුහුදු තෘණ පරිසර පද්ධතියක් වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතයේ විහිදී තිබෙන බවත්, ලෝකයේ මුහුදු තෘණ විශේෂ 73 අතුරින් 15ක් ලංකාවෙන් වාර්තා වන බවත්, ඉන් 10ක් මෙම පරිසරයේ තිබෙන බවත් පරිසරවේදී සුසන්ත උඩගෙදර මහතා හෙළි කළේය.

මෙරට බරපතළ ලෙස තර්ජනයට ලක්ව සිටින මුහුදු ඌරා මෙම පරිසරයේ ජීවත්වන බවත්, එම සත්ත්වයා ආහාරයට ගන්නේ මුහුදු තෘණ බවත් ඔහු කීවේය.

ලෝකයේ තෙවැනියට වැදගත් පරිසර පද්ධතිය වන්නේ මුහුදු තෘණ බවත්, මුහුදු තෘණ මගින් වායුගෝලයේ තිබෙන කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නා බවත්, මුහුදු තෘණ හෙක්ටයාර් එකක පරිසර පද්ධතියක් වසරකට ඩොලර් 34,000ක සේවයක් සපයන බවත් ඔහු පැවසීය.

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved