Connect with us

පුවත්

වෙළෙඳ ඇමති රටින් හාල්ගෙනත් කොමිස් හිඟය පියවනවාද ?

Published

on

අසීමිත ලෙස සහල් ආනයනය කිරීම නිසා රසායනික පොහොර තහනමෙන් සිදු කළ හානියට වඩා වැඩි හානියක් වර්තමාන රජය මගින් ගොවියාට සිදු කරමින් සිටින බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා කියයි.

ඔහු පවසනුයේ රසායනික පොහොර තහනම නිසා රටේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 11ක් හෙවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 6ක් අඩු වූ බවය.

සහල් ආනයනය කළ යුත්තේ එම ප්‍රමාණය ආවරණය කිරීමට පමණක් නමුත් මේ වනවිට මෙට්‍රික් ටොන් ලක්ෂ 8 කට වැඩියෙන් ආනයනය කර ඇති බව පැවසේ.

එසේම තවදුරටත් ආනයනය කරමින් පවතින බවට ද ඔහු චෝදනා කරයි.

කවුරු ලොකු පුටුවල සිටියත් මෙය දිගටම කරගෙන යන අතර, මෙලෙස සහල් ගෙන්වන්නේ සහල් හිඟයක් නිසා නොව කොමිස් හිඟයක් නිසා බව සභාපතිවරයා අවධාරණය කරයි.

රටේ විශාල ඩොලර් හිඟයක් තිබියදී මෙලෙස අනවශ්‍ය පරිදි සහල් ආනයනය කිරීම බලවත් අපරාධයක් යැයි ඔහු සඳහන් කළේය.

අනවශ්‍ය ලෙස සහල් ආනයනය කිරීමට බලපත් ලබාදීම සම්බන්ධයෙන් මේවන විට චෝදනා එල්ලව ඇත්තේ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාට ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

Continue Reading

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved