Connect with us

පුවත්

වෛද්‍යවරයෙක්ට පහර දුන් 7ක් අත්අඩංගුවට

Published

on

අනතුරට පත්ව තුවාල ලබා නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත රැගෙන ආ රෝගියකු කොළඹ ජාතික රෝහල වෙත කඩිනමින් යොමු නොකළා යැයි උරනව වෛද්‍යවරයෙකුට පහරදී දේපළවලට අලාභ හානි සිදුකල පුද්ගලයන් 7 ක් අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට පත්වූවන් අතර කාන්තාවන් දෙදෙනෙකුද වන බවය.

මාලාවේ ප්‍රදේශයේ පැවති සාදයකින් පසු යතුරුපැදියකින් යමින් සිටියදී අනතුරට පත්ව නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත රැගෙන ආ 21 හැවිරිදි පුද්ගලයෙකුට නැගෙනහිර කොළඹ මූලික රෝහලේ බාහිර රෝගී අංශයේ සේවයේ යෙදී සිටි වෛද්‍යවරයා විසින් අවශ්‍ය ප්‍රතිකරමින් එම රෝගියා කොළඹ ජාතික රෝහල යොමු කිරීම සඳහා කටයුතු කරමින් සිටියදී මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පිරිසක් බාහිර රෝගී අංශයේ කලහකාරී ලෙස හැසිරෙන බවට එම රෝහලේ පොලිස් මුරපොළ වෙත ලද තොරතුරකට අනුව එම අවස්ථාවේදීම පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

පුවත්

අදින් ඇරඹෙන “ප්‍රජා ශක්ති”

Published

on

By

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන අද ආරම්භ වෙයි.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ,  ප්‍රධාන අරමුණු තුනක් ඔස්සේ සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ  සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා එම වැඩපිලිවෙල තුළින් අපේක්ෂා කරන බවයි.

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ මෙරට ග්‍රාම නිලධාරී වසම් 14,000 ක ප්‍රජා සංවර්ධන සභා පිහිටුවීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේ ය.

ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, වැඩපිළිවෙළ අධීක්ෂණය ජාතික ප්‍රතිපත්ති සභාවක් මගින් සිදු කෙරෙන බවයි.

Continue Reading

පුවත්

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

Published

on

By

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

පුවත්

සිසුවෙකු පා පුවරුවෙන් ඇද වැටීමේ සිද්ධියට සිසු සැරියේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම්

Published

on

By

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පා පුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී රියදුරු හා කොන්දොස්තරගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇතැයි නිරීක්ෂණය වූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඊයේ (03) දින වාර්තා වූ මෙම සිද්ධිය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ඒ අනුව මෙම බස් රථයේ සේවය කළ රියදුරු මහතාගේ හා කොන්දොස්තර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් පියවර ගත් බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved