Connect with us

පුවත්

වෛද්‍යවරුන්ගෙන් දීපව්‍යාප්ත වැඩවර්ජනයක්

Published

on

එළඹෙන බදාදා දින (18) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතපාල මහතා සඳහන් කළේ, අද දින ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ සියලු රෝහල්වල කළු කොඩි දැමීමට තීරණය කර තිබෙන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා,

“අපේ රාජකාරිය රෝගී සත්කාරක සේවාව මේ නිසා අපිට අයිතියක් තියෙනවා රෝහලේ තියෙන අඩුපාඩු වෛද්‍ය උපකරණවල අඩුපාඩු, බෙහෙත් වල අඩුපාඩු කියන්න දන්නැති අයට දැනගන්න කියන්නේ…මේක පදනමක් නැති පක්ෂගාහි පදනම් විරහිත විනය පරීක්ෂණයක්.

මේ නිසා අපි ඊයේ විධායක කමිටුවරැස්වුණා එහිදී තීන්දු තීරණ විශාල ප්‍රමාණයක් ගත්තා, වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහිව විනය පරීක්ෂණය කරන්න එපා කියලා ඇමති කියනවනම් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කියනවනම් මේකට පැමිණිල්ලක් නැත්නම් මේක කාගේ පදනමක් මතද කරගෙන යන්නේ එහෙනම් මේක දේශපාලන බලපෑමක් මත කරගෙන යන එකක්…

ඊයේ දවසේ මධ්‍යම කාරක සභාවේ රැස්වෙලා වැදගත් තීන්දු තීරණ කිහිපයක් අපි ගනු ලැබුවා.

අද දින සිට සියලුම රෝහල් වල දින හතක් කළු කොඩි දැමීමට තීරණය කරලා තියෙනවා මේ දවස් හත අවසානයේදී විනය පරීක්ෂණය අවසන් කරන්න තීරණය කරේ නැතහොත් ලබන බදාදා 18 දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට යනවා.”

එහිදී අදහස් දැක්වූ රජයේ නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ,

“වෛද්‍ය පාලිත රාජපක්ෂ එරෙහිම ගෙන ඇති විනය පරීක්ෂණයට එරෙහිව පසුගිය දිනවල අපි විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවා.

මෙම විනය පරීක්‍ෂණය ආරම්භ කරලා තියෙන්නේ විධිමත් පැමිණිල්ලකින් තොරවයි,විධිමත් පැමිණිල්ලකින් තොරව විනය පරීක්ෂණයක් කිරීම නීතිවිරෝධී, වෛද්‍ය රාජපක්ෂ කතාකළේ මේ රටේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය උපකරණ හිඟය සම්බන්ධ කරුණු ගැන තමයි මේ කතා කරේ, බදුල්ල රෝහලේ පවතින අඩුපාඩු ගැන තමයි කතා කරේ.

අපිට බරපතල සැකයක් තියෙනවා,මේක පිටුපස ඉන්නෙ කවුද කියන එකත් මේක මෙහෙයවන්නේ කවුද කියන එකත් පිළිබඳව,හිටපු දේශපාලන බල අධිකාරියක බලපෑම මත මෙම විනය පරීක්‍ෂණය ගෙනියන එක ගැන අපිට බරපතළ සැකයක් තියෙනවා.

අපේ ආරම්භක පියවර විදියට දිවයිනේ සියලු රෝහල්වල උද්ඝෝෂණයක් සිදුකළා, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්තුවා, මේ අනුව ඊයේ දවසේ ඒකමතික තීරණය කරා එළඹන සතිය තුළ කළු කුඩු විරෝධතාවයක් රෝහල් තුළ පවත්වන්න අපි තීරණය කරලා තියෙනවා…”

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved