Connect with us

පුවත්

වෛද්‍යවරුන්ට අපි දැනෙන වැටුප් වැඩිවීමක් දීලා තියෙන්නෙ

Published

on

වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අතර අනවබෝධයක් ඇති කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (04) පාර්ලිමේන්තුවේදී වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි වන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වෘත්තීය සමිති අරගලයක් නොමැති අවස්ථාවකදී වුවත් සමස්ත රාජ්‍ය සේවයට මෙන්ම වෛද්‍යවරුන්ටද දැනෙන වැටුප් වැඩිවීමක් නව රජය විසින් ලබා දී ඇති බවය.

මූලික වැටුප, අමතර රාජකාරි දීමනා, නිවාඩු දින දීමනා, වාර්ෂික වැටුප් වර්ධකය වශයෙන් කොටස් කිහිපයකින් මෙම වැටුප් වැඩිවීම සිදු වන අමතර ඊට අමතරව  payee tax එකෙන් බදු සහනයක්ද ලබා දෙන බවද නලින්ද ජයතිස්ස මහතා සඳහන් කලේය.

“මේ සියල්ල එකතු වූ පසු එක් එක් අයගේ වැටුප් වැඩි වෙන ආකාරය,

රාජ්‍ය සේවයට ඇතුළත්වන වෛද්‍යවරයෙකුගේ මූලික වැටුප රුපියල් 54, 290 යි. එම වැටුප රුපියල් 94,150 දක්වා වැඩි කරනවා. මූලික වැටුප හැටියට.  ඒ කියන්නේ වෛද්‍යවරයෙකුගේ මූලික වැටුප රුපියල් 39,860කින් වැඩිවීම වෙනවා.

අනෙකුත් දීමනා සියල්ල එකතු වුණාට පස්සේ සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකුගේ දළ වැටුප 240,000ක් පමණ වෙනවා.

මේකේ පළවෙනි අදියරය හැටියට අප්‍රේල් මාසයේදී විතරක්, වැටුප් වැඩිවීමෙන් රුපියල් 15, 582ක් ලැබෙනවා.

Grade II අයත්වන වෛද්‍යවරයෙකුට මූලික වැටුප තිබ්බේ රුපියක් 58, 305යි. ඒ වැටුප රුපියල් 101,370 දක්වා වැඩි වෙනවා. ඒකියන්නෙ රුපියල් 43,065කින් මූලික වැටුප වැඩි වෙනවා.

Grade I වෛද්‍යවරයෙකුට දැන් තියෙන මූලික වැටුප රුපියල් 71. 805 යි. ඒක රුපියල් 125 670 දක්වා වැඩි වෙනවා මූලික වැටුප් වැඩිවීම රුපියල් 53 865යි.

කණිෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකුට දැන් ලැබෙන මූලික වැටුප රුපියල් 88,000‍යි. ඒක රුපියල් 156, 000 දක්වා වැඩි වෙනවා. මූලික වැටූප් වැඩි වීම රුපියල්  68, 000‍යි.”

මෙම මූලික වැටුපෙන් දැනෙන කොටසක් මේ අප්‍රේල් මාසයේදී ලැබෙන  බවත් තවත් කොටසක් 2026 ජනවාරී මාසයේදීත්, 2027 ජනවාරි මාසයේදීත්  එනම් මාස 20ක් ඇතුළත් රුපියල් 40,000 සිට 68,000 දක්වා වන වැටුප් වැඩිවීම් ලැබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කලේය.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved