Connect with us

පුවත්

වෛද්‍යවරුන් අද විරෝධතාවක

Published

on


බස්නාහිර පළාත හැර දිවයිනේ අනෙක් සියලුම දිස්ත්‍රික්කවල රෝහල් ඉදිරිපිට අද(03) විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව දහවල් 12.‍00 සිට 1.00 දක්වා කෑම පැයේ කාලය තුළ මෙම විරෝධතාවය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

බස්නාහිර පළාතේ විරෝධතාවය බ්‍රහස්පතින්දා සිදු කරන බවයි පැවසේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට විරෝධය පළ කිරීමේ අරමුණින් විරෝධතා ක්‍රියාත්මක වන බවය.

පුවත්

අයවැය හිඟය රු බිලියන 2,200ක්

Published

on

By

2025 සඳහා අයවැය යෝජනාවලිය අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එහි සඳහන් වන්නේ 2025 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 4,990ක් ලැබෙතැයි ඇස්තමේන්තු කරන බවත් වියදම් ලෙස රුපියල් බිලියන 7,190ක් ඇස්තමේන්තු කර ඇති බවත් ය.

ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,200කි.

මෙම අගය දේශීය හා විදේශීය ණය ගැනීම් හරහා පියවා ගැනීමට නියමිතය.

කෙසේවෙතත් මෙවර රු. බිලියන 700ක ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තබා ගනිමින් අයවැය ඉදිරිපත් කර තිබේ. 

Continue Reading

පුවත්

අයවැය කතාව – 2025

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී සිය මංගල අයවැය කතාව පැවැත්වූයේය.

ජනාධිපතිවරයා විසින් පවත්වන ලද සම්පූර්ණ කතාව පහතින්

Continue Reading

පුවත්

බේස් නයිට් ක්ලබ් එකට විස්කි සප්ලයි කර ඇත්තේ ලක්පහන ඔටෝ

Published

on

By

වාහන අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් ඇති විදේශීය මත්පැන් ගෙන එන ලද නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ පිහිටි ලක්පහන ඔටෝ (Lakpahana Auto) වාහන ආනයන කොටස් අලෙවි සමාගමේ කළමනාකාරවරයකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි එහි කළමනාකරු වශයෙන් කටයුතු කරන පුද්ගලයකු බව පොලිසිය කීය.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව එම ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කේ. ඒ උදයකුමාර මහතාගේ සැලසුමකට අනුව දෙල්කඳ පිහිටි අදාළ වාහන අමතර කොටස් අලෙවි සමාගම පෙරේදා (15) වැටලීමට ලක්කර තිබිණි.

මෙහි මත්පැන් තොග වශයෙන් සඟවා තබා කොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපා රිකයෙක් විසින් කොල්ලුපිටි හා කොට්ටාවේ පිහිටි බේස් (BASE) රාත්‍රි සමාජ ශාලා වෙත රැගෙන යන බවට සිදුකළ මුලික පරීක්ෂණවලදී හෙළිව තිබේ.

තීරුබදු නොගෙවා මෙම මත්පැන් ආනයනය කිරීම මගින් රජයට විශාල ආදායමක් අහිමි කර ඇති බවත් සැකකරු විදේශීය මත්පැන් තොගය වැඩිදුර විමර්ශන සඳහා මිරිහාන මූලස්ථාන පොලිසිය වෙත බාරදී ඇති බවත් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පවසයි.

පොලිස් මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved